මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධිවර ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා කැප වී කටයුතු කරනවා- ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද

    දෙසැම්බර් 12, 2023

    ධිවර ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා තමා කැප වී කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසුවේය.

     

    iloc 188 -2007, ධීවර කර්මාන්තය හා සම්බන්ධ රැකියා සම්මුතිය ස්ථිර කිරීම සදහා ශ්‍රී ලංකාව කෙටුම්පත් නියෝග මාලාව ධීවර අමාත්‍යවරයාට හා කම්කරු අමාත්‍යවරයාට පිළිගැන්වීම සදහා පසුගියදා (08) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති උත්සවයකදී අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මේ බව පැවසුවේය.

    ධීවරයන් හට තම රැකියාවේ සුරක්ෂිතතාවය සුරකීම සම්බන්ධයෙන් iloc 188 සම්මුතිය පිළිබද කතිකාවතේදී ධීවර අමාත්‍යවරයා ඉහත සදහන් ප්‍රකාශ කරන ලදි. ධීවර රැකියාවේ නිරත කාර්මිකයින් ධීවර ක්ෂෙත්‍රයේ කොදුනාරටිය බවත් නමුත් ඔවුන්ගේ රැකියා ආරක්ෂාව හා ජීවිත ආරක්ෂා‍ව විවිධ අභියෝගවලට මුහුණ දෙන අතර ඒ සදහා ඔවුන්ට රැකවරණයන් ලබා දීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම ජාත්‍යන්තර වශයෙන් සම්පාදනය කිරීම අතිශය වැදගත් බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

     

    ලෝක ධීවර ජනතාවගේ සුරක්ෂිතතාව උදෙසාත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා ධීවර අමාත්‍යාංශයත්, කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයත්, ධීවර දෙපාර්තමේන්තුවත්, ඔස්ට්‍රේලියානු රජය හා නොර්වේ රජයත් එකතු වී සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ 1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් පනතට නව නීති හා රෙගුලාසි ඇතුලත් කොට ඒ පිළිබදව දීර්ඝ ලෙස අධ්‍යනය කිරීමේන් පසු කරන ලද මෙම සමුළුවේදී ධීවර අමාත්‍යවරයා පවසා සිටියේ වෘත්තිය සමිති ව්‍යාපාරයේ නියැලී සිටි පවුලක දරුවෙකු ලෙස තමන් මේ පිළිබදව දැඩි සේ උනන්දු වන බවත් සිය පියාගේ සහා මාමා ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිතවල පුරෝගාමීන් ලෙස ලෝක කම්කරු සංවිධානය සමග කටයුතු කළ අතර තමාටද එම අභාෂය පවතින බවයි.

    iloc 188 -2007 ධීවර කර්මාන්තය හා සම්බන්ධ රැකියා සම්මුතීන් තීරණය කිරීම සදහා ශ්‍රී ලංකාව ධනාත්මක පියවරක් ලෙස ilo හි තාක්ෂණ සහාය ලබා ගෙන DFAT සහ නොර්වේ රජයේ අරමුදල් සහයෙන් සකස් කරන ලද නියෝග මාලාව මෙදින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්දා මහතාට සහ කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට මෙම අවස්ථාවේදී පිළිගන්වන ලදි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අර්ථාන්විත සංවාද හා සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත් සංදිස්ථානයක් ලෙස c 188 හඳුන්වා දුන්නේය.

    ගෝලීය වශයෙන් ධීවර කර්මාන්තය මේ වන විට වඩාත් අවධානම් රැකියා අතරින් එකක් වන බවද ilo විසින් හදුන්වා දෙන ලද ජාත්‍යන්තර ගිවිසුමක් වන c 188 ලොව පුරා ධීවර කර්මාන්තයෙහි නියැලී සිටින අයට සුනිසි සේවා කොන්දේසි සහතික කිරීම අරමුණු කරගත් නිර්නායක සහ නිර්දේශ සකස් කර තිබෙන බවද ප්‍රකාශ කළේය. තවද ධීවර ක්ෂෙත්‍ර යේ විවිධ අංශ එනම් වැඩකරන වෙලාවන් වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය, යාත්‍රාවල ජීවන තත්වයන් ඇතුළු අනෙකුත් අංශ වලට අවධානය යොමු කරමින් මෙම නියෝග මාලාවද සකස් කොට ඇත.

    ශ්‍රී ලංකාව තුල ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය, වෙළදාම, රැකියා සහ අපනයන ඉපැයීම් සදහා ධීවර අංශය වැදගත් දායකත්වයක් සපයන බව පැවසු අමාත්‍යවරයා පවතින ආර්ථික අර්බුධයෙන් වඩාත් බලපෑමට ලක් වූ ක්ෂේත්‍රය ධීවර ක්ෂෙත්‍රය වන බවද රටේ ධීවර ක්ෂෙත්‍රය ශක්තිමත් කිරීමට සහ සුනිසි සේවා තත්වයන් වැඩිදියුණු කිරීමට රජය කැපවීම පෙන්වා දෙමින් c 188 සමුමුතිය ස්ථිර කිරීම සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය හා ධිවර අමාත්‍යාංශය විසින් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් සැකසීම අද දින සිදු කරන බවද පැවසීය.

    මෙම කැබිනට් පත්‍රිකාව සකස් කිරීමේදී මෙම කෙටුම්පත් කරන ලද නියෝග මාලාව ප්‍රධාන ලියවිල්ලක් වන බවද වැඩිදුරටත් පවසා සිටියේය. ධීවර අමාත්‍යවරයා සියලු හවුල්කරුවන්ගේ සහයෝගය ඇතිව මෙම සම්මුතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කල හැකි බව විශ්වාස කරමින් ධීවරයන්ට ඔවුන්ට ලැබිය යුතු අයිතිවාසිකම් සහ ආරක්ෂාව ලබා දිය යුතු බවද ධීවර කටයුතු සදහා වන සුනිසි වැඩ න්‍යාය පත්‍රය අමාත්‍යාංශය සම්පුර්ණයෙන්ම පිළිගන්නා බවද පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා iloc 188 සම්මුතිය ස්ථිර කිරීම සම්බන්ධයෙන් තම සහයෝගය පළ කර සිටි අතර ධීවර රැකියාවේ ගෞරවය ලබා දීම නීතිමය වගකීමක් පමණක් නොව, සදාචාරාත්මක යුතුකමක් වන අතර ධීවරයන් ඇතුළු ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවකයන් සදහා වඩාත් ශක්තිමත් සමාජ ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම අමාත්‍යාංශයේ වැදගත් කටයුත්තක් බවද පැවසුවේය.

    මෙහිදී අදහස් දැක්වූ කිහිපදෙනෙකුම c 188 සම්මුතිය ස්ථිර කිරීම ඉදිරි පියවර පිළිබද අදහස් ලබා දෙන ලද අතර iloc 188 සම්මුතිය පාදක කරගනිමින් සැකසු කෙටුම්පත් නියෝග මාලාව පිළිබදව ක්ෂේත්‍රයේ විවිධ පාර්ශවකරුවන් සිය අදහස් ප්‍රකාශ කළහ. සම්මුතියේ වැදගත්කම අවධාරණය කරමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සදහා වන කාර්යාලයේ අධ්‍යක්ෂිකා සිමිරින් සිං මහත්මිය පැවසුවේ ශ්‍රී ලංකාව සිය ආර්ථිකය නගාසිටුවීම සදහා ක්‍රියා කරන මෙම අවස්ථාවේදී c 188 සම්මුතිය ස්ථිර කිරීමෙන් ක්ෂේත්‍ර යේ නියැලෙන්නන්ගේ ගෞරවය සහ ආරක්ෂාව ශක්තිමත් කෙරෙන අතර එය ධීවර ක්ෂෙත්‍ර යේ සංවර්ධනයට උපකාර වන බවයි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන් මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සදහා වන කාර්යාලයේ අධ්‍යක්ෂිකා සිම්රින් සිං මහත්මිය ද, කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ධීවර අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya