මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික හවුලකරුවන්ගේ දායකත්වය ලබා ගෙන ධීවර ක්ෂේත්‍රය දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා

    දෙසැම්බර් 11, 2023

    පෞද්ගලික හවුලකරුවන්ගේ දායකත්වය ලබා ගෙන ධීවර ක්ෂේත්‍රය දියුණු කිරීමට බලාපොරොත්තු වන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැව

    අමත්‍යවරයා මේ බව පැවසුවේ, අද(11) පාර්ලිමේන්තුවේදි ධීවර අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමිණි. වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ධීවර ක්ෂේත්‍රයේදි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිමය තුළම රැඳී සිටීමේ බලාපොරොත්තු නොවන බවයි.

    ධීවර ජනතාව මහ මුහුදේ විශාල දුකක් විඳිනවා. රටේ ඇති වූ දැවන්ත ආර්ථික අර්බුදය හමුවේ බොහෝ අසරණ වූ මෙම ජනතාව වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට රජයට හැකිවුණා. මේ රටේ ධීවර ජනතාව මැරිල ඉපදිලා කියලා විපක්ෂය හිතනවා.

    මෙවර අයවැයෙන් රුපියල් බිලියන 7.3ක් ධීවර ජනතාව වෙනුවෙන් ලබා දී තිබෙනවා. ධීවර ක්ෂේත්‍රය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තුළම ඉන්න බලාපොරොත්තුවක් නැහැ. පෞද්ගලික හවුල්කරුවන්ගේ දායකත්වය ලබා ගෙන මෙම ක්ෂේත්‍රය දියුණු කිරිමට බලාපොරොත්තු වෙනවා. ධිවර සංස්ථාව වසර ගණනාවක් තිස්සේ පාඩු ලැබූ ආයතනයක්. 90% වඩා ධීවර වෙළඳ සැල් පාඩු ලැබුවා. නමුත් අද ඔන්ලයින් ක්‍රමයට මාළු නිවසට ගෙන එන වැඩපිළිවෙළක් තිබෙනවා.

    පසු අස්වැනු හානිය අපට තිබෙන ප්‍රධාන ගැටලුවක්. මත්සයින්ගෙන් සියයට 60ත් -70ත් අතර ප්‍රමාණයක් මෙලෙස පසු අස්වැනු හානිය සිදුවනෙවා. ඉදිරියේදී චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මත්ස්‍ය අස්වැන්න වැඩි ප්‍ර දේශ හඳුනා ගැනීම,එක් දින ධීවර යාත්‍රා 28,000ටම භූමිතෙල් සහනාධාරය ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.ධීවර දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන්ද විශාල වැඩකොටසක් සිදු කර තිබෙනවා. එම ධීවර ජනතාවගේ දරුවන්ට ආකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන්ද ඉදිරියේදී කටයුතු කරනවා.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya