මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය ලේකම් දංකොටුව ප්‍රාදේශීය රෝහලේ විශේෂ නිරීක්ෂණයක

    දෙසැම්බර් 11, 2023

    විශේෂිත සේවාවන් ස්ථාපිත කර රෝහල සංවර්ධනයට පියවර...

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා ඊයේ (10) දින දංකොටුව ප්‍රාදේශීය රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලබා දී ඇති උපදෙස් පරිදි ප්‍රාදේශීය රෝහල්, ග්‍රාමීය රෝහල් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලට සමගාමීව මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කරන ලදී.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද මෙම නිරීක්ෂණ චාරිකාව සදහා එක්විය.

    මෙහිදී සෞඛ්‍ය ලේකම්වරයා විසින් රෝහලට ඖෂධ ලැබීමේ ක්‍රමවේදය, ඖෂධ වල හිඟතාවයක් පවතින්නේද යන්න පිළිබදව විශේෂයෙන් සොයා බැලීමක් සිදු කල අතර රෝගී සත්කාර සේවාවන් සිදු වන ආකාරය, රෝහල තුල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්වය, රෝහලට ලැබිය යුතු මානව හා භෞතික සම්පත්වල අව්‍යශතාවයන් පිලිබදව ද විශේෂ අවධානයක් යොමු කලේය.

    රෝහල තුල පවතින යම් යම් ගැටලු වලට ක්ෂණික විසදුම් ලබාදීමට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී පියවර ගත් අතර යම් ගැටලු වලට කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන විසදුම් ලබා ගැනීම සදහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    දංකොටුව ප්‍රාදේශීය රෝහල, වයඹ පලාත් සභාව මගින් පාලනය වන රෝහලක් වන අතර ප්‍රාදේශීය රෝහල් කාණ්ඩයේ A ශ්‍රේණියේ රෝහලක් ලෙස එය ශ්‍රේණිගත කොට ඇත.

    නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ,

    මෙම රෝහල මගින් ප්‍රදේශයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට කටයුතු කරන නිසාවෙන් තමන් සෞඛ්‍ය ලේකම්වරයා වශයෙන් විශේෂ ස්තුතියක් ඒ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිදු කරන බවත්, රෝහල තුල පවත්වාගෙන යන සේවාවන් ත ව තවත් වැඩි දියුණු කර විශේෂ සේවාවන් ද ස්ථාපිත කර රෝහල වැඩි දියුණු කිරීමට ද ඉදිරියේ දී කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

    මෙම නිරීක්ෂණ චාරිකාවට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, වයඹ පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර, නියෝජ්‍ය පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික වික්‍රමසිංහ යන මහත්වරුන් හා විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya