මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ප්‍රජාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා ඉදිරියේදී ධීවර පනත පාර්ලිමේන්තුවට

    දෙසැම්බර් 11, 2023

    ධීවර ප්‍රජාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා ඉදිරියේදී ධීවර පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද(11)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    ධීවර අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද (11) පාර්ලිමේන්තු විවාදයට එක්වෙිමින් ධීවර අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මුලින්ම එම පනත කෙටුම්පත් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

    ධීවර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග සාකච්ඡා කර අදාළ සංශෝධන සිදු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

    රට වටේට මුහුද තිබියදීත් , මෙරටට කරවල ආනයනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂය විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේවිදෙස් රටවලින් ආනයනය කරන කරවල ,රෝහල් සහ හමුදාවට තොග වශයෙන් ලබා දෙන බවයි. දේශීය වශයෙන් තිබෙන සූඩයෝ වැනි මසුන් ඒ සඳහා නොගැලපෙන බවද පෙන්වා දුන්නේය. තවද දේශිය මසුන් අඩු වන , අප්‍රේල් සිට ජූලි මාසය දක්වාද මත්සයින් ආනයනය කිරීමට සිදු වෙන බව හෙතෙම පැවසීය.

    පසුගිය ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙට්ට්‍රික් ටොන් 293,880ක් වූ මත්ස්‍ය අස්වැන්නක් ලබා ගෙන තිබේ. මත්ස්‍ය නිෂ්පාදන වැඩි කර ගැනීම සඳහා රජය කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා,.ධීවර බෝට්ටු සඳහා අවශ්‍ය තෙල් ප්‍රමාණය නොලැබීම සහ භූමිතෙල් මිල වැඩවීම ප්‍රධාන ගැටලු බව පෙන්වා දුන්නේය. සුළු සහ මධ්‍ය පරිමාණ ධීවර ප්‍රජාවට සහණ සැලසීමට කටයුතු කරන බවද ධීවර අමාත්‍යවරයා පැවසීය.
    ඉන්දියානු ධීවර බෝට්ටු පැමිණ මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, රාජ්‍ය ත්‍රාන්තික වශයෙන් මෙම කටයුත්ත විසඳීමට උත්සාහ කරන බවයි.

    ඊයේ පෙරේදත් මෙම ටොලර් යාත්‍රා අනවසරයෙන අපේ මුහුදට පිවිසිලා තිබෙනවා. එම පිරිස් අත්අඩංගුවට ගත්තා. එවිට නාවික හමුදාව ඔවුන්ට විරුද්ධව කටයුතු කරන බවට බොරැ ප්‍රචාර සිදු කරනවා.

    මේ සම්බන්ධයෙන් ඇත්ත තත්වය වාර්තා කරන ලෙස තමිල්නාඩු රජයෙන් අපි ඉල්ලා සිටියා. අනවසරයෙන් පැමිණි අය අත්අඩංගුවට ගැනීමට සිදු වෙන බව අපි ඔවුන්ට පැහැදිළි කළා. තමිල්නාඩුවට ගොස් එහි සිටින දේශපාලක්ඥයින් සමග සාකච්ඡා කර, මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගයුතු බවට මම ඉල්ලා සිටිනවා

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya