මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ තිබෙන ජල ගැටලුවට හැකි ඉක්මනින් විසඳුමක් ලබා දීමට කටයුතු කරනවා

    දෙසැම්බර් 11, 2023

    ලබන වසරේ ගිං නිල්වලා ව්‍යාපෘතියට ප්‍රමුඛතාවය ලබා දෙනවා

    උතුරේ තිබෙන ජල ගැටලුවට හැකි ඉක්මනින් විසඳුමක් ලබා දීමට හැකි වනු ඇතැයි වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (11) පාර්ලිමේන්තුවේදි පැවසුවය.

     

    ඒ අනුව අතර මග නැවති ඇති යාපනයට වැවක් ව්‍යාපෘතිය ලබන වසරේ නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරිය පැවසුවාය. අමාත්‍යවරිය මේ බව පැවසුවේ වාරිමාර්ග අමාත්‍යංශයේ වැය ශිර්ෂය පිළිබඳව අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිණි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය පැවසුවේ, එම ව්‍යාපෘතියේ මූලික අධ්‍යනයන් නෙදර්ලන්ත රජය යටතේ සිදු කර ඇති බවයි. ඒ අනුව එම ව්‍යාපෘතියේ පළමු අදියර සිදු කර ඇති බවත් 2024 එම කටයුතු නැවත සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවද සඳහන් කළාය. මේ වන විට උතුරු ප්‍ර දේශයේ හැර අනෙක් සෑම ප්‍රදේශයකම ගංගා සහ ඔයවල් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වී ඇතැයිද ඇය පැවසුවාය.

    වාරිමාර්ග ක්ෂේත්‍රය පසුගිය සමයේ විශාල ලෙස සංවර්ධනය කළා. වාරිමාර්ග අමාත්‍යංශය යටතේ මෙරට 30,000ට අධික වැව් ප්‍රමාණයක් සංවර්ධනය කර තිබෙනවා. වාරිමාර්ග අමාත්‍යංශය මගින් සිදු කෙරෙන ඇතැම් ව්‍යාපෘතින් නිසා විශේෂයෙන්ම අලින්ට එම වාසස්ථාන අහිමි වී තිබෙනවා. එම සතුන්ගේ ආහාර හිග වී තිබෙනවා. එවිට එම අලින් ගම්මාන වලට පනිනවා. අමාත්‍යංශයක් වශයෙන් මේ පිළීබඳ අවබෝධයෙන් යුතුව , සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේදී අනෙකුත් අමාත්‍යංශ සමග ඒකාබද්ධ වෙමින් කටයුතු කිරීමට සිදු වෙනවා.

    2024 දී පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරනු ලබන බවද අමාත්‍යවරිය පැවසුවාය. මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2700ක් මෙම ව්‍යාපෘතිය සඳහා වෙන්කර තිබේ.

    නිතරම ගං වතුර නිසා පීඩාවට පත් වන දකුණේ ජනතාව වෙනුවෙන් ගිං නිල්වලා ව්‍යාපෘතිය සම්බනධයෙන් ලබන වසරේ විශේෂ අවධානය යොමු කරන බවද වාරිමාර්ග අමාත්‍යවරිය පැවසුවාය. ගිං ගං ද්‍රොණියේ මාදු ගැට ජලාශය ඉදි කිරීමෙන් එමගින් බලපෑමට ලක්වන ජනතාව වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ කටයුත්ත සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බවත් එම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රධාන බාධාව මෙය බවද ඇය පෙන්වා දුන්නාය. මේ සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානයේ අවසර ලබා ගත යුතු බවත් ඒ සඳහා සාකච්ඡා සිදු කෙරන බවද කීය

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya