මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නිපැයුම් හා පර්යේෂණ වානිජකරණයට ලක් කිරීමේ වැඩසටහනක් ඇරඹේ

    දෙසැම්බර් 11, 2023

    මේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ අපනයනය වැඩිකර ගැනීමට නම් අප රටේ නව නිර්මාණ හා පර්යේෂණ වෙළඳපොළට ඉදිරිපත් කළ යුතු බව කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අයි.චමින්ද පතිරජ මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ,අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හුමවකට එක් වෙමිනි.

    වැඩිදුරටත් අදහස් දැක් වු අතිරේක ලේකම්වරයා පැවසුවේ, මෙව්යට විසදුමක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශය විසින් නව නිපැයුම් හා පර්යේෂණ වානිජකරණයට ලක් කිරීමේ වැඩසටහනේ හතරවන අදියරය හෙට (12) දින බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ දි පැවැත්වෙයි.
    කර්මාත්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ,කුඩා හා මධ්‍ය පරිමාණ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

    මෙහිදි අගය එකතු කළ තේ,කුළුබඩු, කොසු,කිරි ආශ්‍රිත නිෂ්පාදන මැණික් හා ස්වර්ණාභරණ යන ක්ෂේත්‍රවල නිපැයුම් හෙට දින ප්‍රදර්ශනයට එක් කර ඇත.

    මෙම නව නිර්මාණ හා පර්යේෂණ 40ක් මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරෙන මෙයින් බොහෝ ප්‍රමාණයක් වෙළඳපොළට මුදා හැරිමට බලාපොරොත්තු වන බව ද අතිරේක ලේකම්වරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya