මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂය පාර්ලිමේන්තු ඝණ පූර්ණය නැති කර, හිතාමතාම විවාදය කඩාකප්පල් කර වගකීමක් නොමැති ආකාරයට හැසිරුණා

    දෙසැම්බර් 11, 2023

    ඉරිදා දිනයේදී පාර්ලිමේන්තුව කැඳවා වැට් බදු පනත සම්බන්ධයෙන් විවාදය පැවැත්වූයේ විපක්ෂයේ උවමනාව නිසාමයි...

     පාර්ලිමේන්තුව පවත්වන්න එක දවසකට රුපියල් කෝටියකට ආසන්න මුදලක් වියදම් කරනවා...
      ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග

    ඉරිදා දිනයේදී පාර්ලිමේන්තුව කැඳවා වැට් බදු පනත සම්බන්ධයෙන් විවාදය පැවැත්වූයේ විපක්ෂයේ උවමනාව නිසාවෙන්ම බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා පවසන්නේ විපක්ෂය පාර්ලිමේන්තු ඝණ පූර්ණය නැති කර, හිතාමතාම විවාදය කඩාකප්පල් කර වගකීමක් නොමැති ආකාරයට හැසිරුණ බවයි.

    පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) රැස්විය. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයකට පිලිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

    එහිදී මෙවන් විවාදයක් ඇති විය.

    ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පො) - විසි වැනි සඳුදා සභා කටයුතු වාර්තාව මං ළඟ තියෙනවා. ඉරිදා දිනයේදී වැට් බදු පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වූයේ විපක්ෂයේ ඉල්ලීම අනුවයි. පාර්ලිමේන්තුව පවත්වන්න එක දවසකට වියදම් කරනවා රුපියල් කෝටියකට ආසන්න මුදලක්. නමුත් මේ විවාදයෙන් රටට ප්‍රතිලාභයක් ලැබෙන නිසා අපි විවාදය පවත්වන්න කැමති වුණා. දවස් දහයක් පාර්ලිමේන්තුවේ සේවකයෝ එක දිගට වැඩ කරනවා. ඒක පහසු දෙයක් නෙවෙයි. නමුත් විපක්ෂය හිතා මතාම මේ විවාදය කඩා කප්පල් කළා. ඒ නිසා තමයි ඔවුන් පාර්ලිමේන්තුවේ ඝණ පූර්ය නැතිකර ගත්තේ. ඒකට කමක් නෑ. අද දිනයේදීත් කාරක සභා අවස්ථාවේදිත් ඔවුන්ට සම්පූර්ණ කාලය ලබාදෙනවා. මේ ගොල්ල රටට පෙන්වන්න හදනවා ආණ්ඩුව මේ විවාදයට කැමති නෑ කියලා. විපක්ෂය වගකීමක් නැති ආකාරයට හැසිරුණා.

    විපක්ෂ නායකතුමනි, මැයි මාසේ 9 වැනිදා මුළු රටම ගිණි ගත්තා. අපි හිටියේ පෝලිම්වල. අත්‍යාවශ්‍ය භාණ්ඩ තිබුණේ නැහැ. දැන් රට යම් ස්ථාවර තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා.

    විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා -

    ගරු කතානායකතුමනි, ප්‍රසන්න රණතුංග මැතිතුමා සභාවත්, රටත් නොමඟ යවනවා. කාරක සභා අවස්ථාවේදි විවාදය ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ විපක්ෂයටයි.
    හැබැයි ඉරිදා තිබුනේ කාරක සබා අවස්ථාව නෙවෙයි.

    ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පො) -
    ගරු කතානායකතුමනි, විපක්ෂනායකතුමාට ඔළුවක් නෑ කියල මිනිස්සු කියනවා. මම ඒක පිළිගන්නේ නැහැ. ඉරිදා විවාදය තිබුණේ විපක්ෂයේ ඉල්ලීමටයි. අපි කිව්වේ සතියේ දවසක පැය දෙකතුනක් විවාද කරමු
    කියලයි.

    කතානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා - කරුණාකරල මේ විවාදය නතර කරන්න. මේ හදන්නේ අදත් කාලය නාස්ති කරන්නයි.

    විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා - ප්‍රසන්න රණතුංග ඇමතිතුමාට කතා කිරීමේ අයිතිය තිබෙනවා. අපිටත් පිලිතුරක් ලබාදෙන්න අවස්ථාව ලබාදෙන්න ඕන. වැට් එක වැඩි කරන්න වුනේ ඇයි?. රට බංකොලොත් කරපු නිසයි. රට බංකොලොත් කලේ පොදු ජන පෙරමුණයි.

    සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත (ශ්‍රී.පො.පෙ) -

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමනි, මේ කාරක සභාවේ විපක්ෂයට තියෙන කාලය ලැබෙනවා. ඒක අඩු වෙන්නේ නැහැ. ඒක අවසන්වූ වාහාම අද යෝජනා සම්මත කරගත් ආකාරයට ඊයේ ඉතුරු කාලය ගන්නවා.අද යෝජනා සම්මත කරගත් ආකාරයට ඊයේ ඉතුරු කාලය ගන්නවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya