එකතු කළ අගය මත බදු (සංශෝධන ) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම් පත සම්මත කර ගැනීම අය වැය කාරක සභා අවස්ථාවෙන් අනතුරුව කෙටුම්පත් පිළිබඳ දෙවැනිවර කියවීම අද දිනම අවසන් කිරීම පිළිබඳව සභානායක,අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් සභාවට යෝජනා කළේ ය.
ඒ අනුව කතානායකවරයා විසින් සභාවේ එකඟතාවය විමසා සිටි අතර එහිදී විපක්ෂය විසින් එකඟතාවය පළ නොකළ අතර ඒ සඳහා ඡන්දයක් ඉල්ලා සිටියේ ය.
ඒ අනුව ඡන්ද විමසීම කැඳවීමට කතානායකවරයා තීරණය කළේ ය.
ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 92ක් සහ විපක්ෂව ඡන්ද 41ක් ලැබුණි. එම විවාදය අද අයවැය කාරක සභා විවාදයෙන් අනතුරුව පැවැත් වීමට නියමිතය.
එකතු කළ අගය මත බදු ( සංශෝධන ) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (10) පැවැත් වූ අතර සභාවේ ඝණ පූර්ණය නොමැති වීම නිසා පාර්ලිමේන්තුව කල් තැබීමට සිදු විය.