නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනප්‍රියත්වයට එහා ගිය වගකීමක් රජයක් ලෙස අපට තිබෙනවා - මුදල් රාජ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 11, 2023

    රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමේ අරමුණින් වැට් බදු ඉවත් කළ අයිතම 97ක් සඳහා නැවතත් වැට් බදු පනවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    නමුත් ඖෂධවලට, ආබාධිත උපකරණවලට, හාල් පිටිවලට තිරිඟු පිටිවලට එළවළු වලට පලතුරුවලට කිරිවලට, ගිලන් රථ සේවාවට වැට් බද්දක් අය නොකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    පාර්ලිමේන්තුවේදී වැට් බදු සංශෝධන පිළිබඳ විවාදය ආරම්භ කරමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, භාණ්ඩ අනූ හතකට අලුතින් වැට් බදු පැනවීමෙන් රටේ උද්ධමනය සියයට දෙකකින් වැඩි විය හැකි බවයි.ඩීසල් සහ පෙට්‍රල් වලට බැට් බදු අය කෙරෙන බවද ප්‍රකාශ කළේය.

    මෙහිදි අදහස් දැක් වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    භාන්ඩ 138ක් වැට් බදු වලින් නිදහස් කර තිබුණා. දැන් ඒයින් අයිතම 97ක් ඉවත් කර ගන්නවා. අපි රාජ්‍ය මූල්‍ය අර්බුදයකට ගියා. අපේ ආදායම 8.3%ක්. අපේ වියදම 18.8%ක්. අපිට තවමත් මේ රටේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට සිදු වී තිබෙනවා. සමස්ත ජනතාව වෙනුවෙන්ම මෙම ස්ථාවරය ගොඩ නැගිය යුතුයි. අපි ජනතාවගේ ගැටලු දන්නවා. නමුත් ජනප්‍රියත්වයට එහා ගිය වගකීමක් රජයක් වශයෙන් අපට තිබෙනවා.

    අපි වසර ගණනාවක් ආදයමට වැඩිය විශාල වියදමක් දැරුවා. මීට වසරකට පෙර අපි කොතරම් අර්බුදයකද හිටියේ කියලා මේ ජනතාවට මතක ඇති. ඒ් අර්බුදය නිසා රජයට ඉවත් වෙන්න පවා සිද්ද වුණා. ආරක්ෂාව සහ ප්‍රජාත්‍රන්තවාදය පවා අර්බුදයකට ලක් වුණා. ඒ් අනුව අපි බදු වෙනස් කිරීමේ තීරණය ගත්තා. අපි ජනතාවට ස්තුතිවන්ත වෙනවා. මෙම පීඩනය දරාගනිමින් ඒ් සඳහා දැක් වූ දායකත්වය ගැන. ජනතාව තමන්ගේ දුක දරාගෙන ශ්‍රී ලංකාව නැගිට්ටෙව්වා.

    ආදායම ඉහළ නංවාගැනීමෙන්, රජය විසින් දැනට පවතින ඩොලර් බිලියන 3.8 සිට අවම වශයෙන් ඩොලර් බිලියන 5-6 දක්වා සංචිත වැඩි කර ගැනීමට අපේක්ෂා කරයි. “එය සිදු වූ විට,රුපියල ඉහළයනු ඇති අතර භාණ්ඩවල මිල පහළ යනු ඇති.” යනුවෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    කෙට් පණිවිඩ යැවීමේදී මෙතෙක් ජංගම දුරකථන වලින් පමණයි බදු වලට යටත් වුණේ. නමුත් ස්ථාවර දුරකථන වලින් ද කෙටි පණිවිඩ යවන බැවින් එම ස්ථාවර දුරකථන වලින් යවන කෙටි පණිවිඩ සඳහාද වැට් බදු අය කරන බව ද රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya