මිහින්තලේ පුදබිමේ හමුදාව තැබීම නිසා මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ ජීවිතයට තර්ජනයක් වන බවට උන්වහන්සේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
නාවික හමුදා සෙබළුන් 103ක්, හමුදා සෙබළුන් 48ක් සහ සිවිල ආරක්ෂක බලකා සෙබළුන් 100ක් එම පුදබිමේ රැඳී සිටී. මීට අමතරව පොලීසියද පුදබිමේ රැඳී සිටී. ඒ් අනුව අද සිටි ඒම සෙබළුන් 252ම ඉවත් වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සිවිල් ඇඳුමින් මිහින්තලා පුදබිමේ සිටින දෙදෙනෙකු ගැන එහිදී චෝදනා කර ඇතැයි කී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා එම නිලධාරීන් යෙදවූයේ ඔක්තෝම්බර් 7 වැනිදායින් පසු රටේ ආවේක්ෂණ කටයුතු සඳහා ආගමික ස්ථාන, සංචාරක ආරක්ෂාව සඳහාත් නිලධාරීන් යෙදවීමට රජය ගත් තීරණයකට අනුව බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
ප්‍රශ්න තිබෙනවා නම් එය විසඳා ගත යුතු බවත් නමුත් ඒ සඳහා හමුදා සෙබළුන් මැදිහත් කර නොගත යුතු බව හෙතෙම පැවසීය.
පොසොන් පොහොය සමයේ පස් කියුබ් 150ක් පමණ අදිමින් ඒම පුදබිම පිරිසිදු කරන්න ඒම සෙබළුන් කටයුතු කලා. මෙම නිලධාරින් දෙදෙනා යෙදෙව්වේ පස් අදින්න නොවේ. ඔක්තොම්බර් 07 වනදායින් පසු ආවේක්ෂණ කටයුතු සඳහා යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.