නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භට පිරිස් තාවකාලිකව ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් මිහින්තලයෙන් ඉවත්කරගනී - යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

    දෙසැම්බර් 10, 2023

    ශ්‍රී ලංකා යුද හමුදාව හා සෙසු හමුදා සහ මිහින්තලය රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ අතර විශ්වාසය සහ සහසම්බන්ධය යම් ප්‍රමාණයකින් පළුදු වී ඇති බැවින් හමුදා භට පිරිස්වල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ඒම භට කණ්ඩායම් අද(10) සිට රාජකාරී වලින් මුදා හරින බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා පැවසීය.

    මිහින්තලා රජමාහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ ශ්‍රී ලංකා යුද හමුදා 4 වන ජාතික ආරක්‍ෂක බලමුළුවට අයත් සෙබළුන් දෙදෙනකුගේ ආවේක්‍ෂණ රාජකාරියේ ස්භාවය සහ රාජකාරිය සැකකටයුතු බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අද(10) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

    මිහින්තලා විහාරස්ථාන පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ නිරන්තයෙන් සැරිසරණ විදේශ සංචාරකයන්ගේ සහ මිහින්තලා පරිශ්‍රයේ ඉදිකිරීම්වල නිතරව සිටින ත්‍රිවිධ හමුදා භට පිරිස්වල ආරක්‍ෂාවට යොදවා තිබුණේ යැයි පැහැදිළි කරමින් මාධ්‍ය නිවේදනය නිකුත් කළ බවද යුද හමුදාව නිකුත් කළ බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා වැඩි දුරටත් කීය.

    යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ 200 කට වැඩි භට පිරිසක් වසර ගණනාවක සිට මිහින්තලා රජමහා විහාරස්ථානයේ විවිධ සංවර්ධන සහ ඉදිරිකිරීම් කටයුතු සඳහා යොදවා සිටි බව කී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම භට පිරිස් තාවකාලිකව ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඉවත්කරගන්නා බව ද සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya