ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් සළකා බැලීම සඳහා අතිරේක සාමාජිකයන් නම් කරයි

    දෙසැම්බර් 05, 2023

    “සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සළකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත සඳහන් මන්ත්‍රීවරයන්
    අතිරේක සාමාජිකයන් වශයෙන් තමන් විසින් නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ

    ඒ අනුව, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අ. අරවින්ද් කුමාර්, ගීතා සමන්මලී කුමාරසිංහ, අශෝක් අබේසිංහ, කිංස් නෙල්සන්, රෝහණ බංඩාර, නිපුණ රණවක, ජගත් සමරවික්‍රම යන මන්ත්‍රිවරයන් උක්ත කාරක සභාවට පත් කොට තිබේ.

    එමෙන්ම, “නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීම)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට අශෝක් අබේසිංහ, නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ්, සංජීව එදිරිමාන්න, කරුණාදාස කොඩිතුවක්කු, කිංස් නෙල්සන්, රෝහණ බංඩාර, නිපුණ රණවක, ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරයන්ද පත් කොට ති‍බේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya