ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ දිළිදු පවුල් සදහා සෝලා විදුලිය ඇති ලක්ෂ 50 වටිනා නිවාස 25000 ක් ඉදිකිරීමට සාකච්ඡා

    දෙසැම්බර් 05, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය අනුව උතුරු පළාත් නිවාස නැති දිළිදු පවුල් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා සෝලා (sola) විදුලිය සහිත නිවාස ඉදිකිරීම පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා (01) දින යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සම සභාපති හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මේ අතර උතුරු පළාතේ ජනතාවට අවශ්‍ය ප්‍රමාණයට බෙදාහැරීමට සීනි නොමැති බවද, සමූපකාර සංගම් මගින් අමත්‍යවරයාට මෙහිදි පෙන්වාදුන් අතර මේ පිළිබදව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ වෙළද හා වානිඡ කටයුතු අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සමග කළ සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් අතිරේක ලෙස සීනි මෙට්ට්‍රික් ටොන් 100ක් උතුරු පළාතට යැවීමට තීරණය කර මෙම සීනි තොගය උතුරු පළාතේ සමුපකාර සංගම් 48ක් පුරා බෙදාහැරීමට අමත්‍යවරයා විසින් පියවර ගෙන ඇත.

    යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදි දිස්ත්‍රික් ලේකම් අම්බලවානර් සිවබාල සුන්දරම්, අතිරේක දිස්ත්‍රික් ලේකම් මරුදලිංගම් ප්‍රදීපන්, යාපනය දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු නිලධාරීන් රැසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya