කාන්තා,ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
රටේ දියුණුව සඳහා සිදු කරන හොඳම ආයෝජනය වන්නේ දරුවන් සහ ළමයින් වෙනුවෙන් සිදු කරන ආයෝජනය බව රාජ්‍ය අමාත්‍යවරයා කීයමෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා දරුවන් 8362ක් අපයෝජනයට ලක් වී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
සැප්තැම්බර් මාසයේ දරුවන් 166 දූෂණය සහ ඔක්තොම්බර් මාසයේදී දරුවන් 122 දූෂණය වී තිබෙන බව වාර්තා වී තිබෙනවා. නමුත් ළමා අපයෝජන සංඛ්‍යව මීටත් වැඩියි. කාන්තා අපයෝජන 2612ක් සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා. මෙම තත්වය වළක්වා ගැනීමට නම් ඒ්කාබද්ධ ප්‍රවේශයෙන් අපි සියළු දෙනා එක්ව කටයුතු කළ යුතුයි.
ක්‍රීඩාව සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, නිලධාරින් පමණක් නොව ඇතැම් දේශපාලක්ඥයින්ද දෙපැත්තේ ඉඳිමින් අද වන විට ක්‍රීඩාව නැත්තටම නැති කර තිබෙන බවයි.
ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලට දමමින්, ඇතැමුන් දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දරන බවත් එය සිදු නොවිය යුතු බවද කීය