නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාතේ සෞඛ්‍ය සේවාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරනවා- ගුණාත්මක භා තත්වයෙන් උසස් ඖෂධ අඛණ්ඩව- සෞඛ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 30, 2023

    ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළු දකුණු පළාතේ සෞඛ්‍ය සේවාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරනවා සේම, සමස්ථ ශ්‍රී ලංකාවේම ජනතාව මුහුණපා ඇති ඖෂධ සම්භන්ධයෙන් පවතින ගැටලුවට පිළියමක් ලෙස ගුණාත්මක භා තත්වයෙන් උසස් ඖෂධ අඛන්ඩව ලබා දීමේ අභියෝගය සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු නිළධාරීන් සමග එක්ව විසදීමට තිරඅදිටනින් යුතුව කටයුතු කරන බවත්, ති‌බෙන මුදල් ප්‍රතිපාදන කළමනාකරණය කරමින් ඉදිරි කාලය තුළදී ශ්‍රී ලංකික ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව හා ප්‍රවර්ධනය වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන බවත්, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ය.

     

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, (28) වප් පුර පසලොස්වක පොහෝදා ගාල්ල කරාපිටිය පුරාණ සුනන්දාරාම මහා විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වීම වෙනුවෙන් ඒ මහතා හට තුනුරුවනේ ආශිර්වාදය සහ රැකවරණය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් මෙම ආශිර්වාද බෝධි පූජා පිංකම සහ බුද්ධ වන්දනාමය පිංකම කරාපිටිය ප්‍රදේශවාසින් විසින් සංවිධානය කර තිබුණි. මෙහි ආගමික වතාවත් බොපේ පෝද්දල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමන්ඩලයේ සභාපති කරාපිටිය පුරාණ සුනන්දාරාම මහා විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍යපාද මානවේරියේ ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ආචාර්ය රිචඩ් පතිරණ විද්‍යාලයේ ආචාර්ය කාව්‍ය විශාරද පූජ්‍යපාද කිරිඉබ්බන්ආරේ ධම්මරක්ඛණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදුකරන ලැබූහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ තමන් අදින ජාතික ඇදුමේ ගරුත්වය හා වටිනාකමත් ආරක්ෂා කරගෙන, තමන් ජීවත්ව සිටින කාලය තුළ මේ රටේ ජනතාවගේ එකදු සතයක් වත් අවභාවිත නොකොට ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ලබාදුන් ජනතා ඡන්දයේ ගරුත්වය ආරක්ෂා වන ලෙස කටයුතු කරන බවයි. එමෙන්ම කවුරුන් මොන චෝදනා එල්ල කලත්, ජනතා විශ්වාසය නොකැඩෙන පරිදි මෙතෙක් ආ දේශපාලන ගමන තුළ ඉතා සද් භාවයෙන් සහ විනිවිද භාවයෙන් කටයුතු කළා සේම ඉදිරියටත් කටයුතු කරන බවත් , පොරොන්දු වූ සංවර්ධන කටයුතු වර්ථමාන ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රමාද වූවද කඩිනමින් ඒවා නැවත ක්‍රියාත්මක කිරීමට විධිමත් වැඩපිලිවෙලක් සකස් කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

    එයට අමතරව, 2012 වර්ෂයේදී තමන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වශයෙන් පත්වීමෙන් පසු තමන්ට තිබුනු ප්‍රධානතම සමාජ සංවර්ධන අරමුණ වූයේ 2007 වසරේදී ආරම්භ කොට ඉදිකිරීම් අතර මග නතරකොට තිබූ හෙල්මුට්කෝල් මාතෘ රෝහලේ වැඩකටයුතු නැවත ආරම්භ කිරීම බවත්, ඒ වෙනුවෙන් 2012 වර්ෂයේදී ජනාධිපතිතුමන් ලෙස කටයුතු කල මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් වෙන් කිරීමෙන් අනතුරුව නැවතත් ඉදිතිරීම් ආරම්භ කල බවත් පැවසූ අමාත්‍යවරයා විවිධ බාධක හමුවේ එහි ඉදිකිරීම් දීර්ඝ කාළයක් ප්‍රමාද වූවද වසර දහයකට පසුව තමන්ටම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස එම රෝහළ විවෘත කිරීමට අවස්ථාව ලැබී තිබීම දෛවෝපගත සිද්ධියක් බවත් සිය කතාවේ අවසානය වශයෙන් සිහිපත් කලේය.

    මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින්, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ඇතුළු කරාපිටිය ප්‍රදේශවාසීන් ප්‍රමුඛ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya