නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව හොඳ නරක කියා ත්‍රස්තවාදයක් නැහැ - කවුරු මොන පරමාර්ථයෙන් සිදු කළත් ඉන් වන්දි ගෙවන්න සිදු වන්නේ අහිංසක නිරායුධ ජිවිත වලටයි - ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති  

    ඔක්තෝබර් 29, 2023

    ලෝකයේ හොද හෝ නරක වශයෙන් ත්‍රස්තවාදයක් නොමැති බවත්, කුමන ආකාරයෙන් කවුරු ත්‍රස්තවාදය සිදු කලත් ඉන් වන්දි ගෙවීමට සිදු වන්නේ අහිංසක නිරායුධ අසරණ ජිවිත වලට බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ , (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    ඊශ්‍රායලය තුළ පවතින තත්ත්වය හමුවේ මෙරට ශ්‍රී ලාංකිකයින් සත් දෙනකුගෙන් දෙදෙනකුගේ ජිවිත අහිමිව ගොස් ඇති අතර මේ වන විට එක් අයෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉතිරි පුද්ගලයින් හතර දෙනා නැවත පැමිණ සිටින බවත්, මෙම සත් දෙනා හැරෙන්නට අනිකුත් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට කුමනාකාරයේ හෝ පිඩාවක් නොමැති බවත්, ගාසා තීරය අවට ගම්මාන වල විසු ශ්‍රී ලාංකිකයින්ට සුළු පිඩාවක් තිබුණු නමුත් ඔවුන් මේ වන විට වෙනත් ස්ථාන වල නැවත පදිංචි කරවා ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

    එමෙන්ම, උතුරු ප්‍රදේශයේ එනම් ලෙබනන් දේශසීමාව ආසන්නයේ වාසය කළ විස්සකට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිය පවුල් සමග මේ වන විට රට මැදට පැමිණ තිබෙන බවත්, හමාස් සංවිධානය පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් 222 තුළ ශ්‍රී ලාංකිකයින් සිටින බවට මෙතෙක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලැබී ඇති නිල වාර්තා වලට අනුව තහවුරු වී නොමැති බවත්, හමාස් සංවිධානය ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවන ඔවුන් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ නම් ලැයිස්තුවේ යම් හෙයකින් ශ්‍රී ලාංකිකයින් සිටියහොත් ඔවුන් මුදවා ගැනීමට රටවල් වල තානාපතිවරුන් සියලු දෙනා එකතුව ලංකා ආණ්ඩුව මැදිහත් වන බවත් හෙතෙම පැවසීය..

    ඊශ්‍රායලයේ පවතින යුධමය තත්ත්වය තුළ වුවත් වෙනත් රටවල පිරිස් සිය රටවල් වෙත යාමට කටයුතු කරද්දී ශ්‍රී ලාංකිකයින් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කටයුතු නොකර සිටින අතර නිත්‍යානුකුලව වීසා බලපත්‍ර නොමැතිව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 2000 ට ආසන්න ව සිටින බවත්, මේ වන විට ඔවුන්ට මෙන්ම අනිකුත් රටවල පුද්ගලයින් සඳහා ද නිත්‍යානුකුලව වීසා බලපත්‍ර ලබා දීමට කටයුතු කිරීමට ඊශ්‍රායල් රජය කටයුතු කරනු ඇති බවත් හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya