නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා නීති විරෝධි ධීවර කටයුතු නැවතීමේ මග හසුරනවා.. - ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා

    ඔක්තෝබර් 26, 2023

    රටපුරා ධීවරයන් රැකියාව කිරීමේදි යම් යම් නීති විරෝධි ධීවර කටයුතු වල නියැලෙන බවට ඇතැම් ධීවර සංගම් චෝදනා කරන අතර එම කටයුතු මැඩලීමට නොහැකි වී ඇත්තේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් හේතුවෙන් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේය.

     

    අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා (24) ධීවර අමාත්‍යංශය මගින් මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිදුකරන සංවර්ධන ව්‍යාපෘතීන්හී ප්‍රගතිය පිළිබදව සොයාබැලීම සදහා සිදුකළ සංචාරයේදි ධීවර අමාත්‍යංශයට අයත් ආයාතනවල නිලධාරීන් හමු වු අවස්ථාවේදීය.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, නීති විරෝධි ධීවර කටයුතු සදහා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන්ද හේතු වී ඇතැයිද, රාජ්‍ය නිලධාරීන් නිදහසට කරුණු නොකියා පවතින නීති රීති වලට අනුව කටයුතු කරන්නේ නම් බොහෝදුරට මෙම ගැටලු විසදාගත හැකි බවද, එසේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරීන් සිටීනම් තමන්ට කළ හැකි සුදුසු රැකියාවක් තොරාගැනීමට හැකියාව පවතින බවද වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයට අයත් නිලධාරීන් ඇතුලු ධීවර සංගම් නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya