නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරිගව සොරකම්වලට දඩය රුපියල් මිලියනය දක්වා ඉහළ නැංවීමට උපදෙස්

    ඔක්තෝබර් 26, 2023

    කිරිගව සොරකම්වලට දඩය රුපියල් මිලියනය දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

    කිරිගවයින් සොරකම් කිරීම් මේ වනවිට දිවයින පුරා ඉහළ යමින් පවතින බවට කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා වී ඇත. දැනට ක්‍රියාත්මක සත්ව සුබසාධන පනත යටතේ කිරිගව සොරකම් සඳහා උපරිම දඩය රුපියල් 50,000ක් වන අතර ඒ සදහා සිරදඩුවම් පැනවීමක් ගැන සඳහන් නොවේ.

    මෙම කාරණය සැළකිල්ලට ගනිමින් කිරිගව සොරකම් සඳහා වන දඩය රුපියල් ලක්ෂ 10 දක්වාත්, අවම වශයෙන් වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් පැනවීම සඳහාත් වගන්ති ඇතුළත් කර සත්ව සුබසාධන පනත සංශෝධනය කරන ලෙස අමාත්‍යවරයා පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.


    සත්ව සුබසාධන පනත නව සංශෝධන සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ(24) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ ඉල්ලීමක් පරිදි සත්ව සුබසාධන සංගම් නියෝජිතයින් පිරිසක් සමග පැවැති මෙම සාකච්ඡාවේ දී කිරි ගව සොරකම් ඉහළ යාම හා කිරි ගව සොරුන්ට ලබා දෙන දඩුවම් සම්බන්ධව වගන්ති සඳහා නව සංශෝධන ඇතුළත් කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.


    පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙතෙක් දිනකට වැඩිම කිරි ප්‍රමාණයක් ලබා දුන් එළදෙන ද සොරකම් කර මරා දමා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා එම ගවදෙනගෙන් දිනකට කිරි ලීටර් 26ක් බැගින් ලබා ගෙන ඇති බව ද සඳහන් කළේය.


    අවස්ථා ගණනක දී ගව සොරකම් මර්දනය සඳහා පියවර ගන්නා ලෙස පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇති බව කී අමාත්‍යවරයා අප රටේ වැඩිම ගව සොරකම් වාර්තා වන දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය වන බව ද පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya