නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ධීවර හා ජලජ සම්පත් පනත තුළින් ධීවර ජනතාව සවි බල ගැන්වෙනවා- ධීවර අමාත්‍ය

    ඔක්තෝබර් 25, 2023

    දැනට නිම වෙමින් පවතින ධීවර හා ජලජ සම්පත් නව පනත් කොටුම්පත තුළින් අද ජත්‍යයන්තරව පිලිගන්නා ආකාරයට ධීවර ජනතාව පාලනයට හවුල් කර ගනිමින් ධීවර ජනතාව ඉමහත් ලෙස බලගැන්විමක් සිදුවන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසුවේය.

    ධීවර අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (23) පැවති ජාතික ධීවර සම්මේලනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්විමේදීය.

    මෙම රැස්වීමේදි ජාතික ධීවර සම්මේලනයේ සභාපති ලෙස මුලසුන ගත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශකර සිටියේ වර්තමාන ජාත්‍යන්තර තත්වයට අනුව අපගේ ධීවර කටයුතු සංවර්ධනය කිරීම උදෙසා මීට ඉහත පැවති 1996 අංක 02 දරන ධීවර හා ජලඡ සම්පත් පනත පරිච්චින්න කරමින් මෙම ධීවර හා ජලඡ සම්පත් පනත් කෙටුම්පත සකස් කර ඇති බවත් දැනට මෙම කෙටුම්පත සාකච්ඡා වට ගණනාවක් අවසන් කරමින් සම්පූර්ණ කිරීමට අදාළ නිලධාරින් කටයුතු කරගෙන යන බවයි.

    දැනටමත් ධීවර ජනතාවගේ සංවිධාන හා ධීවර අමාත්‍යංශයේ සහ ධීවර දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද පැවසු අමාත්‍යවරයා ඉතා ඉක්මණින් මෙම කෙටුම්පත අවසාන කරමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.

    මෙම පනත සම්මතවීම තුළ ජාතික ධීවර මහා සම්මේලනය ඉතා බලගතු සංවිධානයක් බවට පත්වන බවද පැවසු අමාත්‍යවරයා මේ අනුව ජාතික ධීවර මහා සම්මේලනයේ දිස්ත්‍රික් සංවිධාන වලට සහ ග්‍රාමීය ධීවර සංවිධාන වලට ධීවර සුභ සාධක කටයුතු සහ ධීවර ගැටලු විසදීමේදි ප්‍රමුඛ ස්ථානයක් හිමිවන බවද ප්‍රකාශ කළේය.

    තවද ජාත්‍යන්තරෙයේ අදහසක් වන මුහුදු සම්පත සීමා වීම තුළ ඉදිරිකාලයේදි මිරිදීය ධීවර වගාව තාක්ෂණිකව සංවර්ධනය කරමින් ඉදිරියට ගෙනයාමට අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වාදුන් අමාත්‍යවරයා මේ සදහා නැක්ඩා ආයතනය මුල්කර ගනිමින් විශේෂ ව්‍යාපෘති සක්සකළ යුතුව ඇති බවද ප්‍රකාශ කළේය.

    මෙහිදි ජාතික ධීවර මහා සම්මේලනයේ උප සභාපති රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළේ ජාතික ධීවර මහා සම්මේලනය ධීවර ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු විසදීම සදහා අමාත්‍යංශය හා අදාළ නිලධාරීන් දැනුවත් වන ධීවර ජනතාවගේ ප්‍රධානතම සංවිධානයක් බවත්, එහි ග්‍රාමීය සමිති හා දිස්ත්‍රික්ක ධීවර සංවිධාන ශක්තිමත් කළයුතු අතර ඒ සදහා නව වැඩ සටහනක් තමන්ගේ ප්‍රධානත්වයෙන් සකස්කිරීමට පියවර ගන්නා බවයි.

    ඒ සදහා නොවැම්බර් 21 වැනි දින යෙදෙන ජාත්‍යන්තර ධීවර දිනය සදහා ජාතික ධීවර මහා සම්මේලනය මැදිහත් විය යුතු බවද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙල රාජ්‍ය ලේකම්තුමිය ප්‍රමුඛ කරගෙන කමිටුවක් මගින් ක්‍රියා කිරීමට පියවර ගන්නා බවද පැවසුවේය.

    මෙම අවස්ථාවේ ජාතික ධීවර මහා සම්මේලනයේ ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ වසර 14 ක කාලයක් කිරීමට නොහැකි වූ ජාතික ධීවර මහා සම්මේලනයේ නියෝග ධීවර අමාත්‍යවරයා විසින් මේ වන විට සකස් කර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා ඇති බවත්,එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් ලැබුණ විගසම අමාත්‍යවරයා ගැසට් කිරීමෙන් පසු ජාතික ධීවර මහා සම්මේලනය ධීවර ක්ෂේත්‍රයේ බලගතුම ජනතා සංවිධානය වන බවයි.

    මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත මහතා,නැක්ඩා ආයතනයේ සභාපති මහාචාර්ය බී විජේරත්න මහතා ඇතුලු උසස් නිලධාරීන් රැසක් සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya