නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    ඔක්තෝබර් 24, 2023
     ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
     
    ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය සහ ඉරානය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටියි.
    අද අක්තපත්‍ර භාරදුන් තානාපතිවරුන්ගේ නම් පහත දැක්වෙයි.
     
    01- අතිගරු ආචාර්ය සිරි වොල්ෆ් මහත්මිය - ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනිය
    H.E. Dr (Ms) Siri Walf - Ambassador of Switzerland in    
                                                            Colombo
     
    02- අතිගරු කාමන් මොරෙනෝ මහත්මිය - ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනිය
      H.E.Ms. Carmen Moreno - Ambassador of the European Union 
                                                             in Colombo
    03- අතිගරු ආචාර්ය ඇලිරෙසා ඩෙල්කොෂ් මහතා -ශ්‍රි ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ 
    තානාපති
    H.E Dr. Alireza Delkhosh -      Ambassador of the Islamic Republic of   Iran in Colombo 
     
     
    විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    ජනාධිපති මාධ්‍ය අංශය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya