නිත්‍යානුකුලව බැංකු ක්‍රමය මගින් රටට මුදල් එවන විදේශ ගත ශ්‍රී ලාංකිකයින් සදහා ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සදහා වන වන, ආයනය බලපත්‍ර ලබාදීම ඇතුළු දිරිදීම් මගින් රටට ලැබෙන විදේශ ප්‍රේෂණ ඉහළ දමාගැනීමට හැකියාව ලැබී ඇති බවත් බවත්, මෙම වැඩසටහන සම්පූර්ණ විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය අවධාරණය කරයි.
ඒ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (24) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය මේ බව අවධාරණය කර තිබේ.
මෙවැනි දිරිදීම් මගින් සියයට 75කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ දමාගැනීමට හැකියාව ලැබී ඇති බවත් බවත්, මේ වසරේ මුල් මාස නමයේ දී ලැබී තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 4345ක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සදහන් කරයි.
මේ ආකාරයට නිත්‍යානුකුල ක්‍රමය ඔස්සේ මෙරටට මුදල් එවූ ශ්‍රී ලාංකිකයින් සදහා ඉලෙක්ට්‍රික් වාහන ආයනය බලපත්‍ර 318 නිකුත් කර ඇති අතර ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන තිස් අටක මුදලක් මෙරටට ලැබී තිබේ.
මෙසේ නිකුත් කරනු ලබන වාහන ආයනය බලපත්‍රය තීරු බදු රහිත බලපත්‍රයක් නොවන අතර එය රටේ විදේශ විනිමය අවශ්‍යතාවයක් පවතින අවස්ථාවකදී, විදේශ විනිමය රට තුළට ගෙන්වා ගැනීම දිරිමත් වෙනුවෙන් කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයකි. මෙම වාහන ආයනය කරනු ලබන සියලු දෙනාටම රේගු දෙපාර්තමේන්තුව විසින් අය කරනු ලබන සම්පූර්ණ තීරු බදු ඇතුළු අනෙකුත් බදු මුදල් ගෙවීමට සිදුවන අතර එය රාජ්‍ය ආදායමට එක්වේ.
විදේශ විනිමය නීත්‍යානුකූළ ක්‍රමය ඔස්සේ මෙරටට එවනු ලබන ශ්‍රමිකයින් සදහා ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කරන අවස්ථාවේදී වාහන ආනයනකරුවන්ගේ සංගමය ඇතුළු වාහන ආයනයන ව්‍යාපාරයට සම්බන්ධ ආයතන හා සංගම් කැදවා වැඩසටහන සමග එක්වන ලෙසට ආරාධනා කිරීමට ද අමාත්‍යවරයා කටයුතු කරනු ලැබීය.
වාහන ආනයනකරුවන් අතර ඇතිවි තිබෙන ව්‍යාපාරික ගැටලුවලට සහ ව්‍යාපාරික අවශ්‍යතා මත පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තුවේ කමිටු මැදිහත්වීම කණගාටුවට පත්විය යුතු තත්වයක් වන අතර එවැනි ව්‍යාපාරික ගැටලු සදහා පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තුවේ කමිටු යොදා ගැනීම තරයේ හෙළා දකින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය එම නිවේදනය ඔස්සේ සඳහන් කරයි.
ඒ අනුව, නිවරදි කරුණු සොයා බැලීමකින් තොරව හුදු මාධ්‍ය අවධානය දිනාගැනීම සදහා සත්‍ය නොවන තොරතුරු ඉදිරිපත් කිරීම ආර්ථිකවශයෙන් වැටී තිබෙන රට ඉදිරියට ගෙන යාම සදහා ගනු ලබන පියවරයන්ට සෘණාත්මකව බලපාන බව ද, පටු අරමුණු වෙනුවෙන් අදහස් දක්වන පිරිස් අවබෝධ කරගත යුතුව ඇති බවත්, රටට අවශ්‍ය විදේශ විනිමය ලබාගැනීමේ අරමුණින් කරනු ගෙන ඇති මෙම පියවර සම්පූර්ණ විනිවිධභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති අතර කිසියම් වංචාවක් සිදුව ඇතිනම් පූර්ණ විමර්ශනයක් පැවැත්වීම සදහ අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබාදෙනු ලබත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කෙරේ.
විදේශ ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණය ඉහළ දමාගැනීම සදහා ගත හැකි සියලුම පියවර ගන්නා බවත්, පටු දේශපාලන අරමුණුවලට එම පියවර ආපසු හැරවිය නොහැකි බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය තරයේ අවධාරණය කරයි.