නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    IMF විධායක අධ්‍යක්ෂවරයා සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය සාකච්ඡා කරයි

    ඔක්තෝබර් 24, 2023

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා අතර හමුවක් (2023.10.23) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

     

    එකඟ වූ වැඩසටහනේ ප්‍රගතිය විස්තර කළ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා ආර්ථික ප්‍රගතිය සඳහා රජයේ මධ්‍ය කාලීන මෙන්ම දිගු කාලීන සැලසුම් සඳහා අවශ්‍ය සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටියේය.

    දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයා දැනුවත් කළ අතර, සමාජයේ අඩු ආදායම්ලාභී ජන කොටස් සඳහා වන මූල්‍ය ආධාර සෘජුවම බැංකු ගිණුම් වෙත තැන්පත් කර ඇති සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රගතිය පැහැදිලි කළේය.

    අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර යන අය මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

     

    අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya