අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ, ඉන්දීය ආයෝජකයින් පිරිසක් සමග පසුගියදා (16) ධීවර අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.
මෙහිදි අමාත්‍යවරයාට ඉන්දීය ආයෝජකයින් පෙන්වාදුන්නේ මෙම මුහුදු පැලෑටි වගා කිරීම දැනට යාපනය, කිලිනොච්චි, මන්නාරම වැනි දිස්ත්‍රික්කවල මැන්නාර් ඇල්ගී ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මගින් සිදුකරන අතර එම ආයතනය යටතේ දිස්ත්‍රික්ක 3ට සේවකයන් 800 කට අධික සේවකයින් ප්‍රමාණයක් සේවය කරන බවත්, එම අයට මාසිකව රුපියල් 50000 සිට රුපියල් 80000 දක්වා ආදායම් ලබාගැනීමට හැකියාව සලසා දී ඇති බවයි.
විශේෂයෙන් එම පළාත් වල බාදම් ෆිෂින් (Agar) වගාව සදහාද හොද අවස්ථාවක් තිබෙන අතර ශ්‍රී ලංකාවේ ඕනෑම පලාතක උවද මෙය ආරම්භ කළ හැකි බවද පවසා සිටියේය.
තවද මෙම මුහුදු පැලෑටි වගා කටයුතු එම දිස්ත්‍රික්කවල කරගෙනයාමේදි නොයෙකුත් ගැටලු මතුවන අතර,විශේෂයෙන් මේ සදහා අවශ්‍ය බලපත්‍ර ලබාගැනීමේදී එම පළාත්වල ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සහාය ලබාගැනීමේදි නොයෙකුත් ප්‍රශ්න මතුවන බව පෙන්වාදුන් ආයෝජකයින් එම ගැටලු නිරාකරණය කරගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසද අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.
මෙහිදි අමාත්‍යවරයා පවසා සිටියේ, තමන් ධීවර අමාත්‍යවරයා ලෙස මෙම අංශය දියුණු කිරීම සදහා දැඩි උනන්දුවෙන් කටයුතු කරන බවත් , විශේෂයෙන් මුහුදු කූඩැල්ලන් වගා කිරීමට හා මුහුදු පැලෑටි වගාකිරීම වැනි ව්‍යාපෘති සදහා එම පළාත්වල ජනතාව උනන්දු කිරීමට නොයෙකුත් උත්සහයන් ගන්නා බවයි.
මෙම අංශය දියුණු කිරීම සදහා ඉදිරිපත්වන ආයෝජකයින්ට රජය විසින් ලබා දිය යුතු සෑම සහයෝගයක්ම ලබාදීමට කටයුතු කරන අතර, මෙම ගැටලු විසදිම සදහා ඊට අදාළ නිලධාරින් සමග සාකච්ඡාකර කඩිනමින් විසදුම් ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසිය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, නාරා හා නැග්ඩා යන ආයතනවල විද්‍යාඥයින්, මැන්නාර් ඇල්ගී ප්‍රයිවට් ආයතනයේ නිලධාරින් ඇතුලු උසස් නිලධාරින් පිරිසක් සහභාගි විය.