නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ කොමසාරිස්වරු දෙදෙනෙක් සහ තානාපතිවරයෙක් පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

    ඔක්තෝබර් 21, 2023

    නව මහ කොමසාරිස්වරු දෙදෙනෙක් සහ තානාපතිවරයෙක් පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

    ඒ අනුව, පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර චන්ද්‍රසිරි විජේගුණරත්න මහතා පත්කිරීමට සහ කියුබා ජනරජයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අද්මිරාල් (විශ්‍රාමික) දමිත් නිශාන්ත සිරිසෝම උළුගෙතැන්න මහතා පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබේ.

    එයට අමතරව, නේපාලයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුදර්ශන කරගොඩ පතිරන මහතා පත් කිරීමටද පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවූ බව මහ ලේකම්වරිය තවදුරටත් සඳහන් කළාය.

    උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (19) පාර්ලිමේන්තුවේදී රැස් විය. මේ සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන, තලතා අතුකෝරළ, උදය ගම්මන්පිල සහ (වෛද්‍ය) සුදර්ෂනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya