ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බීජිං නුවර පාරිසරික විශ්වවිද්‍යාල සහ දේශගුණය සම්බන්ධ නියෝජිත ආයතන කිහිපයක ප්‍රධානීන් අතර (19) පැවති සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කෙරිණි.
දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම පිළිබඳ ශ්‍රි ලංකාවේ ප්රයත්නය ඉතා කාලෝචිත හා දූරදර්ශී එකක් බව නියෝජිත පිරිස පෙන්වා දුන්හ.
මේ සම්බන්ධයෙන් දැනටමත් පාර්ශ්වකරුවන් රැසක් සමග සාකච්ඡා කර ඇති බවත්, එය ශ්‍රි ලංකාවේ තනි වෑයමක් නොව සාමුහික ක්‍රියාදාමයක් බවට පත් කර ගැනීම තම අභිප්‍රාය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
විශ්වවිද්‍යාලයට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වයන් සමඟ මාර්ගගත සාකච්ඡා වාර කිහිපයක් සංවිධානය කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.