නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කිසි විටෙකත් අවතක්සේරු කරන්නේ නෑ- අධිකරණ අමාත්‍ය

    ඔක්තෝබර් 20, 2023

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව තමා කිසි විටෙකත් අවතක්සේරු කරන්නේ නැතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කතානායකවරයාට සිතුතිය පුද කරන බවද හෙතෙම පැවසීය. විශාල බාධාවන් මධ්‍යයේ 21වන ආණ්ඩු ක්‍රම
    ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ බවත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට ලබාදිය යුතු උපරිම බලතල දිය යුතුය යන මතයේ සිට එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකළ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට සාමාජිකයින් පත් කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පවරලා තිබෙනවා.පසුගිය සමයේ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව නීතිය ක්‍රියාත්මක නොකළ නිසා පාර්ලිමේන්තුවේ 225ම හොරු ගණයට වැටුණා. මේ රටේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබුවා. ගිනි තැබුවේ ඇයි? මේ රටේ දූෂණය වලක්වන්නේ නැහැ කියා. පාර්ලිමේන්තුවට බැහැ දූෂණය වලක්වන්න. නමුත් පාර්ලිමේන්තුවට පුළුවන් ඒ සඳහා නීති හදලා දෙන්න. නමුත් අල්ලස් හෝ දූෂණ සභාව එම නීති හැදුවේ නැති නිසා පළි ගත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන්.

    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාව අවතක්සේරු කිරීම මා විසින් සිදු කළේ නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාවට දිය යුතු උපරිම බලය දීමට අපි කටයුතු කළා. මෙම පනතට අත්සන් තැබුවේ අගෝස්තු 08 වෙනිදා.මේ රටේ ජනතාව වසර 20කට වැඩි කාලයක් බලන් හිටියා මෙම පනත ගේන තුරු. නමුත් රටේ මතයක් ගොඩ නැගුණාව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් පත් කරන් නැහැ කියලා. එබැවින් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් මට මේ සඳහා අවධානය යොමු කරන්න සිදු වුණා. මම තමයි ඇත්තටම ව්‍යවස්ථාදායක සභාව නිර්මාණය කළේ. එයට ලැබෙන්න ඕන ගෞරවය, උසස් බව ලැබිය යුතුයි කියල මම තමයි යෝජනා කළේ. ඒ සඳහා මුල පිරුවේ මම. ව්‍යවස්ථාදායක සභාවේ කිසිම සාමාජිකයෙක් හෑල්ලුවට ලක් කරන්න මම කටයුතු කරන්නේ නැහැ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya