නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Geo Goviya තොරතුරු පද්ධතිය සහිත යෙදවුම ජනගත කෙරේ

    ඔක්තෝබර් 20, 2023

     

     

    මෙරට කෘෂිකාර්මික ක්ෂෙත්‍රයේ තාක්ෂණික විප්ලවයක් සිදු කරමින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සකස් කරන ලද Geo Goviya තොරතුරු පද්ධතිය සහිත යෙදවුම ජනගත කිරීම (18 දා) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණී.


    කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර ජල කළමණාකරණ ආයතනය යන ආයතන එක්ව Geo Goviya තොරතුරු පද්ධතිය සකස් කර තිබේ.
    මෙම නව යෙදවුම මගින් ශ්‍රී ලංකාවේ ඉඩම් භාවිතය, කුඹුරු ඉඩම් ප්‍රමාණය, ගොවීන් ප්‍රමාණය, එක් කන්නයක දී වගා කරන ඉඩම් හා ලබා ගත හැකි අස්වැන්න, හදිසි කෘෂිකාර්මික තොරතුරු, ගොවි ජනතාව කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා වූ අධ්‍යාපනික තොරතුරු යනා දී සියලු තොරතුරු මෙම නව පද්ධතියට ඇතුළත් කර ඇත.
    වත්මන් රජය මහජනතාවට යහපත් හා කඩිනම් සේවාවන් ලබා දීම සඳහා රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන යටතේ මෙම යෙදවුම ක්‍රියාත්මක කර තිබේ.
    විශේෂයෙන් මෙම යෙදවුම දෙවන අදියර තුළ එක් කන්නයක දී ඒ ඒ පළාත්, දිස්ත්‍රික් මට්ටමින් පමණක් නොව ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් පවා ලබා ගත හැකි අස්වැන්න පිළිබඳවද අනාවැකි පළ කළ හැකි වන පරිදි මෙම යෙදවුම උසස් කිරීමට පියවර ගෙන ඇත.
    ඒ සඳහා ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානය විසින් Geo-Space Technology යොදාගනිමින් ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබා දීමට නියමිතය.
    මෙම පද්ධතිය තුළ දැනට මෙරට කුඹුරු ඉඩම් මිලියන 1.91ක් ඇතුළත් කර ඇති අතර ගොවීන් මිලියන 1.8ක් ලියාපදිංචි කර තිබේ.
    මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය සම්බන්ධව අත්‍යවශ්‍ය නිවැරදි දත්ත කිසිදු ආයතනයක් තුළ නොතිබීම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී බරපතල ගැටලුවක් බවට පත්ව ඇති බව පෙන්වා දුන්නේය. එක් කන්නයක දී වගා කරන කුඹුරු ඉඩම් මෙන්ම ලබා ගන්න අස්වැන්න සම්බන්ධ කිසිදු නිවැරදි දත්තයක් මීට අදාල කිසිදු ආයතනයක් සතුව නැත.
    එමනිසා මෙම නව යෙදවුම ඉතාමත් විද්‍යානුකූලව ග‌වේෂණය කර ඇතුළත් කර ඇති දත්ත පද්ධතියකින් සමන්විත බැවින් ඉදිරි කෘෂිකාර්මික සංවර්ධන කටයුතුවල දී ඉතාමත් ප්‍රයෝජන වනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
    එමෙන්ම ගොවි ජනතාවට කෘෂිකර්මාන්තය පිළිබඳ නව දැනුම ලබා දීම සඳහා වැඩපිළිවෙලක් සකසන ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය. මෙරට කෘෂි අංශය සතුව ඇති විද්‍යාත්මක දැනුම තවමත් ගොවීන් වෙත ගොස් නොමැති බැවින් එවැනි වැඩසටහනක අවශ්‍යතාවය අමාත්‍යවරයා අවධාරණය කළේය.
    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත් මහතා , මොහාන් ද සිල්වා මහතා, අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල් . අබේරත්න මහතා සහ යෙදවුම සකස් කිරීමට දායක වූ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya