මුදල් සහ බදු පනත් කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙිමන් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
තව දින කිහිපයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණීමට හැකිවන බවද හෙතෙම සඳහන් කළේය. රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා වට රාශියක් පැවැත්වෙමින් තිබෙන අතර තවත් එකඟතා කිහිපයකට එලඹීමෙන් අනතුරුව අදාළ එකඟතාවට පැමිණෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
2024 වන විට වර්තමාන ගැටලු අපහසුතා සමනය වී ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදාවන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ලබන අයවැයෙන් ඒ සඳහා විශාල බලාපොරොත්තුවක් තැබිය හැකි බවද සඳහන් කළේය.
ඇතැම් අය සතුටු වුණා මේ කාර්ය මණ්ඩල එකගතාවට නොපැමිණිම ගැන. ඒ හරහා දේශපාලන වාසි ගැනීමට හැකි සුදුසුම අවස්ථාව මෙය කියා ඔල්වරසන් දුන් පිරිසක් හිටියා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා වට රාශියක් පැවැත් වුවා.තව දින කිහිපයක් යද්දි කාරය මණ්ඩල එකගතාවයකට පැමිණිය හැකියි. මේ වන විට ඒ සඳහා සාකච්ඡා වට පැවැත් වෙනවා.