නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොරොච්චොලේ හා කල්පිටිය කෘෂිකාර්මික කලාපයක් කිරීම- ගොවි ජනතාවට ලබා ගත හැකි වාසි සම්බන්ධව වාර්තාවක් ඉල්ලයි

    ඔක්තෝබර් 19, 2023

    නොරොච්චොලේ හා කල්පිටිය ප්‍රදේශය කෘෂිකාර්මික කලාපයක් ලෙස නම්කිරීමටත් එමගින් ගොවි ජනතාවට ලබා ගත හැකි වාසි සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස කීෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    නොරොච්චෝලේ හා කල්පිටිය ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු නංවාලීම සම්බන්ධව එම ප්‍රදේශයේ ගොවි ජනතාව සමග අමාත්‍යවරයා කල්පිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දී තිබේ.

    විශේෂයෙන් මෙරටට අවශ්‍ය එළවළු හා පලතුරු විශාල වශයෙන් නොරොච්චෝල හා කල්පිටිය ප්‍රදේශවල වගා කරනු ලබයි. පහ‍ෙරට එළවළු වර්ග මෙන්ම උඩරට එළවළු හා , අර්තාපල් ද මෙම ප්‍රදේශය තුළ වගා කිරීම සිදු කෙරේ.

    නමුත් රජය මගින් අනෙකුත් ප්‍රදේශවල වී වගා කරන ගොවි ජනතාවට ලබා දෙන සහන මෙම ප්‍රදේශයේ එළවළු හා පලතුරු වගා කරන ගොවීන්ට නොලැබෙන බව කී එම ගොවීන් කල්පිටිය හා නොරොච්චෝල ප්‍රදේශය කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කර රජය මගින් ලබා දෙන සහන තම වගාවන් සඳහා ද ලබා දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

    දැනට මෙම කලාපය තුළ බහුල ලෙස රසායනික පොහොර හා කෘමිනාශක යොදා ගන්නා බැවින් වහාම පාංශු පරීක්ෂාවක් සිදු කරන ලෙසත්, අවම රසායනික පොහොර හා ජලය භාවිතා කරමින් සිදු කරන වගා ක්‍රම සම්බන්ධව මෙම ගොවීන් දැනුම්වත් කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    එමෙන්ම මෙරට වගාවට සුවිශේෂි කලාප තුනක් පවතින බව කී අමාත්‍යවරයා මධ්‍යම කඳුකරය, යාපනය හා කල්පිටිය ප්‍රදේශවල පවතින පාංශු තත්ත්වය අනෙකුත් ප්‍රදේශවල නොමැති බවත්, එම නිසා එම සුවිශේෂි බිම්වල වගා කළ හැකි ඉහළ ඉල්ලුමක් ඇති උචිත බෝග පමණක් වගා කිරීම සඳහා අවධානය යොමු කරන ලෙස ද නිලධාරින්ට පැවසීය.

    තවද කල්පිටියේ එළවළු වගාවට අවශ්‍ය මිශ්‍ර පොහොර අවම මිලක් යටතේ ලබා දීම සඳහා ලංකා පොහොර සමාගම හා කොමර්ශල් පොහොර සමාගම් මගින් කටයුතු යොදනු ලැබීය.
    මෙම සාකච්ඡාවට එම ප්‍රදේශය නියෝජනය කරන දේශපාලනඥයින් මෙන්ම ගොවි නියෝජිතයින්ද සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya