ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට පොපි මල පළදවනු ලැබූ අතර අග්‍රාමාත්‍යවරයා විසින් ඒ සදහා මුල්‍ය දායකත්වය දක්වන ලදී.
පළමුවන සහ දෙවන ලෝක සංග්රාමයන්හීදි මෙන්ම පසුගිය තිස් වසරක පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී දිවි පූජා කළ විරෝධාර රණවිරුවන් අණුස්මරණය කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව මෙම පොපි සැමරුම සංවිධානය කරනු ලබයි. මෙමගින් ලැබෙන ආදායම විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සදහා වැය කෙරේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය, භාණ්ඩාගාරික මේජර් ශාන්තිලාල් කන්කානම්ගේ, සන්නද්ධ හමුදා අණුස්මරණ පොපි කමිටු සභාපති බ්‍රිගේඩියර් හේමන්ත ලියනගේ සහ කමිටු සාමාජිකයින් වන කපිතාන් ටී.එම්.එච්. මඩුගල්ල, කේ.එල්.එස්. ජයවීර, ආර්.බි. ජයතිස්ස යන මහත්වරුද අයි.ඩී.ආර්.ඒ. පද්මිනි මහත්මියද එක්වූහ.