නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාම යෝජනා අවලංගු කිරීම ගැන ඇතිවූ එකඟතා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කළේ නැහැ - අගමැති දිනේෂ් ගුණවර්ධන

    ඔක්තෝබර් 19, 2023

    නාම යෝජනා අවලංගු කිරීම ගැන ඇතිවූ එකඟතා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කළේ නැහැ - අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි

      රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයීය උපදේශක කමිටුවේ ඇතිවූ එකඟතා පිළිබඳ තමන් කිසිදු අසත්‍ය ප්‍රකාශයක් කර නොමැති බව, විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

    ඔහු, පාර්ලිමේන්තුවේදී  (19 දින  )  මේ බව කියා සිටියේ, පළාත් ආලන මැතිවරණය සඳහා දී ඇති නාම යෝජනා අවලංගු කිරීම සම්බන්ධයෙන් කාරක සභාවට එක්ව සිටි දෙපාර්ශවයේ ම මන්ත්‍රීවරුන් එකඟ වූ බවට අගමැතිවරයා (  18 දින )  පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අසත්‍ය බවට විපක්ෂ නායකවරයා සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ පිළිබඳ සභාවට කරුණු ඉදිරිපත් කරන බවයි.

    ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ ලේඛන උපයෝගී කරගනිමින් එම යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවල එහි සිටි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක්ද සමගින්, ඇතිවූ එකඟතාව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    නැවත විපක්ෂ නායකවරයා ඊට ප්‍රතිචාර දැක්වූ අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, මේවනවිට පාර්ලිමේන්තුවට රාජ්‍ය ඇමතිවරයා සත්‍ය ඉදිරිපත් කර ඇති බවත්, තවදුරටත් තොරතුරු අවශ්‍ය නම්, අමාත්‍යංශයීය උපදේශක කාරක සභා ලේකම් කාර්යාලයෙන් රැස්වීම් සටහන් පරික්ෂා කර බැලිය හැකි බවයි. විරුද්ධ පක්ෂය යනු, විපක්ෂ නායකවරයා පමණක් නොව, විපක්ෂයේ සිටින සියලු දෙනා බවත්, ඔහු සිහිපත් කළේය.

    එමෙන්ම මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවකදී, පළාත් පාලන මැතිවරණයට තරග කරන රාජ්‍ය සේවකයන් වන අපේක්ෂකයන්ට තමන් සේවය කළ සේවා ස්ථානයේ ම සේවය කිරීමට හැකිවන පරිදි එකඟතාවයකට පැමිණි බවද ඔහු කියා සිටියේය.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී මෙසේද සඳහන් කළේය.

    "ඔබතුමා මාව අමතලා බොරු කරයි කියන කතාව ඊයෙත් කිව්වා. ඒ නිසා බොරුව දැන් ඔබතුමාගේ කටින්  පිටවෙච්ච බව ඔප්පු කරලා ඉවරයි. ඔබතුමා උපදේශක කාරක සභාවට පැමිණියා. ආපු වෙලාව හා යන වෙලාව ඔබතුමාට හොයා ගන්න ඕන නම් හොයාගන්න. ඒ  අදාළ ආයතනවල minits තියෙනවා. Every Minit is recorded.  So and saw records the minits. After 5 minutes the other officer come and keep the records going.

    ඉතින් මේ බොරුවට කෑගහන්න ඕන නෑ. ඔබතුමා  ඊයේ කිව්වා විරුද්ධ පක්ෂයේ මේකට කවුරුත් ආවෙ නෑ කියලා. එහෙම යෝජනාවක් ගෙනාවේ නෑ කියලා. රාජ්‍ය ඇමතිතුමා ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරය දුන්නා. ඉතින් වෙන වචන දදා කෑගහලා හරියන්නේ නෑ. සත්‍යනේ ඉල්ලුවේ.  සත්‍ය තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි හදපු සතයක් නෙවෙයි. පාර්ලිමේන්තුවෙන් අදාළ අමාත්‍යාංශවල උපදේශක කාරක සභාවේ ලේකම් කාර්යාලයෙන් හදලා තියෙන සත්‍ය. ඒ නසා ඔබතුමා ඊ්යේ ඉල්ලපු දේ තමයි මේ පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙන්නේ.

    එහි විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් ගම් ටික කිව්වා. ඒකෙන් විපක්ෂ නායකතුමා මම මේකේ හවුල් කාරයෙක් නෙමෙයි කියෙන්න ඕන නම් ඒක විපක්ෂ නායකතුමාට පරික්ෂා කර ගන්න පුළුවන්. නමුත් කාරක සභාවලට ආවහම එතන අනිත් විපක්ෂයේ මන්ත්‍රීවරුනුත් අයිතිකරුවන් විපක්ෂය හැටියට.

    ඔබතුමා පමණක් නෙමෙයි විරුද්ධ පක්ෂය. විරුද්ධ පක්ෂයේ අනිත් මන්ත්‍රී කණ්ඩායම් ඉන්නවා. ඒක අධ්‍යයනය කරලා තේරුම් අරන් නිවැරදි තොරතුරු  අරගෙන චෝදනා කරන්න. නිකන් බොරුවට නැගිටලා චෝදනා කරන පුරුද්ද තියෙන පළියට.

    ඊ්යේ දැන් මේ හදිස්සියේ තව එකක් කිව්වා. ඒකත් නොදැනුවත්කම. මැතිවරණ කොමිසම මම ගිය සුමානේ මැතිවරණ කොමිසමට ආරාධනා කරලා, මමයි රාජ්‍ය ඇමතිතුමයි මැතිවරණ කොමිසමේ සභිකයන් සමඟ සාකච්ඡා කරලා එකඟතාවයකට ආවා, ඒ අය දැනට තරඟ කරන සියලු අපේක්ෂයන් නාමලේඛනයේ ඉන්න රාජ්‍ය සේවකයන් අතුලු සියලු දෙනාට හිටපු ස්ථානවලම යළි සේවය කරන්න අවස්ථාව ලබා දෙනවා කියලා. ඉතින් ඒකවත් දන්නේ නෑ තමුන්නාන්සේ. 

    නැගිටලා චෝදනා කරනවා, මේ පරණ කතාවල් අල්ලගෙන. අපි එකින් එක ඒවා විසඳීමට මැදිහත්වෙමින් සිටිනවා. නමුත් රටේ නීති රීති අනුව ඒවා ඉටු කිරීමේ කාර්යයේදී කටයුතු කළ යුතුයි.  අධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබෙන බව ඊයෙත් මම ප්‍රකාශ කළා. ඉතින් ඒ නිසා ඔබතුමා ඉල්ලා හිටපු සත්‍ය දැන් ලිඛිතව තියෙන වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. දැන්වත් ඒ සත්‍ය පිළිගන්න. ඔබ පමණක් නොව, විරුද්ධ පක්ෂය කියන්නේ, විපක්ෂය කියන්නේ ඔබ ඇතුළු සියලු දෙනාම විපක්ෂයේ ඉන්න."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya