නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇප මුදල් තැන්පත් කළ රාජ්‍ය සේවකයින්ගේ නාම යෝජනා අවලංගු කළ හැක්කේ විශේෂ විධි විධාන පනතක් පාර්ලමේන්තුවට ගෙන ඒමෙන් පමණයි

    ඔක්තෝබර් 19, 2023

    පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් තැන්පත් කළ රාජ්‍ය සේවකයින්ගේ නාම යෝජනා අවලංගු කළ හැක්කේ විශේෂ විධි විධාන පනතක් පාර්ලමේන්තුවට ගෙන ඒමෙන් පමණක් බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    පසුගිය සිකුරාදා පැවති විශේෂ රැස්වීමකදී මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළා. අවම වශයෙන් ඡන්දයට දින නියම වන තුරු හෝ එම රාජ්‍ය සේවකයින්ට නැවත තමන් සේවය කළ සේවා සථාන වල සේවය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස මෙහිදී අපි ඉල්ලා සිටියා.

    මෙවැනි රාජ්‍ය සේවකයින් 80,000ක් ඉන්නවා. ඇතැම් රාජ්‍ය සේවකයින් ඇවිත් අපෙන් ඉල්ලා සිටිනවා, මම ඡන්දෙ ඉල්ලන් නැහැ. නමුත් ඉල්ලා අස්වෙන්න ඉඩ දෙන්න කියලා. ඔවුන්ට තමන්ගේ අතේ තියෙන මුදලින් අසරණ මිනිසෙකුට බත් පැකට් එකක්වත් දෙන්න බැහැ. එය අල්ලස් දීමක් වෙනවා.මේ සඳහා විශේෂ විධි විධාන පනතක් පාර්ලිමේන්තුවට ගේන්න ඕන. පනතකින් හැර මෙම නාමයෝජනා අවලංගු කරන්න බැහැ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya