අද(19) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාගර්භයේ යම් නොසන්සුන්තාවක් ඇති වූ අතර එහිදී කතානායකවරයා සභාව මිනිත්තු දයකට කල්තබනු ලැබීය.
ඉන් අනතුරුවට සභාවේ කටයුතු ආරම්භ වූ අතර, එහිදී කතානායකවරයා විසින් නිවේදනය කළේ, පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තු ගර්භයේදී සෙංකෝලයට අත තැබීමක් සිදු කළ බවත් ස්ථාවර නියෝග 77(03) ප්රකාරව බරපතල විනය විරෝධී ක්රියාවක් ලෙස සෙන්කෝලය පාර්ලිමේන්තු සභාගර්භය ඇතුළත තබා තිබෙන අවස්ථාවේ දී ස්පර්ශ කිරීම පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතා සිදු කර තිබෙන බවත් එකී ස්ථාවර නියෝග ප්රකාරව මන්ත්රීවරයාගේ පාර්ලිමේන්තු සේවය සති හතරකට අත් හිටුවනු ලබන බවය.