ඉන්දුනීසියාවේ පැවැති AIS Forum 2023 (දුපත් සමුහ සහ දුපත් රාජ්‍ය සමුළුව) හි පළමු මට්ටමේ රැස්වීමේ ප්‍රගතිය පිළිබඳව අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඔක්තෝබර් මස 10 හා 11 යන දෙදින ඉන්දුනීසියාවේ බාලි හි දී පැවති AIS Forum 2023 සඳහා දුපතක් වන ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් වන නියෝජනයක් සිදු කරනු ලැබීය. AIS Forum යනු දූපත් ආශ්‍රිතව තිබෙන සංසදයකි. මෙවර සංසදය සඳහා රටවල් 31 සහ රාජ්‍ය සංවිධාන 04ක් මිට සහභාගී වී තිබේ.
මෙය ලංකාවට වඩාත් වැදගත් වන්නේ ලංකාවද දුපතක් වන හෙයිනි. විශේෂයෙන්ම කාලගුණික විපර්යාස නිසා වැඩිම බලපෑමක් එල්ල වන්නේ දුපත් වලට වන හෙයිනි. විශේෂයෙන් ඉන්දුනීසියාව සමඟ මූලික එකඟතාවයන්ට එළඹීමට හැකියාව ලැබුණු අතර ශ්‍රී ලංකා දූත කණ්ඩායම් ප්‍රධානී විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා සහ ඉන්දුනීසියානු සාගර කටයුතු හා ධිවර ජ්‍යෙෂ්ඨ උපදේශක වරයා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්විණි.
එහි දී ප්‍රධාන වශයෙන් ධිවර, නාවික, ආයෝජන සහ කඩොලාන පරිසරය රැක ගැනීම සම්බ්න්ධව මෙන්ම දේශගුණික විපර්යාස මෙන්ම දෙරට අතර ද්වි පාර්ශ්වික වෙළඳ ගිවිසුම් පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
එමෙන්ම, ලංකාවේ ජලජිවි වගාව පුළුල් කිරීම සඳහා ඉන්දුනීසියානු අදාළ පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගැනීමට සහ ධිවර නිෂ්පාදන වල ගුණාත්මක භාවය හා තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා එරට තාක්ෂණික සහය ලබා දීමටත්, දුපත් රාජ්‍යන් ආශ්‍රිතව පවතින කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය විශේෂඥ දැනුම ඉන්දුනීසියානු රජය සමඟ හුවමාරු කර ගැනීමටත්, දෙරටේ නාවික හමුදා පුහුණු අවස්ථා සහ සාගර ආරක්ෂාව පිළිබඳව එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද එහි දී සාකච්ඡා කළ බව මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ප්‍රියංග නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.