“Image Expo 2023” හරහා ලෝකයේ ප්‍රමුඛතම වෙළෙඳ සන්නාම හා සමාගම්වල නවතම තාක්ෂණය එකම වහලක් යටදි අත්විදීමට වෘත්තිමය මෙන්ම විනෝදාංශයක් ලෙසත් ඡායාරූපකරණයේ හා වීඩියෝකරණයේ යෙදෙන්නන්ට අවස්ථාව හිමිවේ.
මෙහිදී සෝනි සන්නාම තානාපතිවරුන් ලෙස ජනප්‍රිය ඡායාරූප ශිල්පීන් වන දිමිත්‍රි කෲස් සහ තිළිණ කළුතොටගේ යන මහත්වරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන ලැබූහ.
සම්මානලාභී වනජීවි ඡායාරූප ශිල්පියකු වන ලක්ෂිත කරුණාරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත වනජීවි ඡායාරූප එකතුවක් ප්රදානය කළේය.
CameraLK ආයතනය විසින් ජනාධිපති මාධ්‍ය අංශය වෙත අති නවීන තාක්ෂණයෙන් යුත් ඩ්‍රෝන කැමරාවක් ප්රදානය කිරීම ද මෙහිදී සිදු විය.
Image Expo 2023 ප්‍රදර්ශනය ඊයේ ආරම්භ කෙරුණු අතර එය අද (15) අවසන් වේ.
CameraLK ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ අනුෂ්ක ගුණසිංහ, සෝනි ආයතනයේ කලාපීය අළෙවි සංවර්ධන මධ්‍යස්ථානයේ අළෙවි ප්‍රධානි ස්ටැනිල් ටෑන් (Stanley Tan), වෙළෙඳ ප්‍රධානි යැප් යන්ග් (Yap yung), DJI ජ්‍යෙෂ්ඨ අළෙවි කළමනාකාර ෆ්ලයි චෑංග් (Fly Chang) සහ එහි නියෝජිත කන්වල් ජීත් සිං (Kanwaljeet Singh) සහ ලොව ප්‍රමුඛතම තාක්ෂණික වෙළෙඳ සන්නාම හා සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මීට එක්ව සිටියහ.
PMD