අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලේකම්වරිය මේ බව සඳහන් කළාය.
ගෝලීය නව්‍යකරණ දර්ශකයේ රටවල් 160ක් අතරින් ලංකාව 101 වන ස්ථානය හිමි වි තිබේ.
එසේ ම කර්මාන්ත අමාත්‍යවාංශයේ අරමුණ වි ඇත්තේ රටේ අපනයන ආර්ථිකයට එකදු නිර්මාණයක් හෝ වානිජකරණයට කර එකතු කිරීම බව තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.
එමෙන් ම අඩු පොළී අනුපාතයට නව නිෂ්පාදකයින්ගේ භාණ්ඩ සඳහා ණය මෙන්ම ජාතික හා ජාත්‍යන්තර වෙළපොළ සොයා දීම තාක්ෂණය සොයා දීමද මෙම වැඩසටහනේ අරමුණ බව කීය.
විශ්ව විද්‍යාල මෙන් පාසල් පද්ධතිය ද මීට එකතු වී සිටින බව කී ලේකම්වරිය,ව්‍යවසායකත්ව සංවර්ධන කව ලෙසින් ඒවා ආරම්භ කළ බවත් මේ වන පාසල් 300ක ඒවා ක්‍රියාත්මක බවත්,ලබන වසර වන විට පාසල් 5000ක් දක්වා එය ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බව කීවාය.
ලංකාවේ තිබෙන රාජ්‍ය විශ්ව විද්‍යාල 14 හි සිදු කරන පර්යේෂණ තවත් එක් පර්යේෂණ යක් නොවි එය වානිජ මට්ටමට රැගෙන යාම අරමුණ බව රුහුණු විශව් විද්‍යාලයේ වෛද‍්‍ය පිඨයේ කථිකාචාර්ය හා ව්‍යාපාරික සම්බන්ධීකරණ ඒකකයේ සභාපති ළහිරු ප්‍රබෝධ මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.