ධීවර අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා (07) බොරැල්ලේ ත්‍රැප්රෝබේන් ශාලාවේ පැවති ලංකාවේ දැවන්තම විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනය හා අළෙවි පොළ විවෘත කරමිනි.
මෙම ප්‍රදර්ශනය ඇක්වාෆිෂ්ටා (Aquafiesta) නමින් හදුන්වා ඇති අතර මෙහිදී මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට එහි සංවිධායකයින් වන චමිල ජයසිංහ ඇතුළු පිරිස විශාල වෙහෙසක් දරා ඇති අතර ඒ සදහා නැක්ඩා ආයතනයේ සහයෝගය ලබා දීම පිළිබදව එම ආයතනය ඇතුළු අනෙකුත් පෞද්ගලික ආයතන වෙත තමන්ගේ ස්තුතිය පිරිනමන බවද ප්‍රකාශ කළේය.
විශේෂයෙන් මේ සදහා පැමිණි බ්‍රේව් ස්ටෙපන් ඇතුළු විදේශ නියෝජිතයින් වෙතද තම ස්තුතිය පිරිනැමූ ධීවර අමාත්‍යතුමා දැනට විසිතුරු මත්ස්‍ය කර්මාන්තය කරගෙන යන ආයතන වලට දිය යුතු සහයෝගය ලබා දීම සදහා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කොට ඉදිරි කාලයේදී ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව පවසමින් ඔවුන්ගේ අවශ්‍යතාව කුමක්ද යන්න තමන් වෙත දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
එසේම රටේ ආර්ථික දුෂ්කරතා රැසක් තිබියදී විසිතුරු මසුන් ඇතුළු මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නගා සිටුවීම සදහා රුපියල් මිලියන 100ක මුදලක් ලබා දී ඇති බවද එම මුදල් උපයෝගි කරගනිමින් කළහැකි ව්‍යාපෘති සැකසීම මේ දිනවල නැක්ඩා ආයතනය විසින් සිදු කරමින් පවතින බවද ඒම සියළු ව්‍යාපෘති ධීවර අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කරමින් අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කරන බවද පැවසුවේය.
මෙම ප්‍රදර්ශනය හා අළෙවිපොළ සංවිධානය කිරීම තුළින් මේ රටේ මෙන්ම විදේශ රටවල ආයෝජකයන් රැසක්ද ඇදගැනීමට හැකියාව ඇති බව පැවසු අමාත්‍යවරයා මෙම අත්‍යවශ්‍ය කටයුතු සංවිධානය කිරීම පිළිබදව නැවත වරක් තම ස්තුතිය පිරිනමන බවද සඳහන් කළේය.
මෙම අවස්ථාවට රජයේ විශ්ව විද්‍යාල වල ජීවී විද්‍යා අංශයේ මහාචාර්යවරුන් රැසක්ද ධිවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක, නැක්ඩා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අශෝකා මහත්මිය සහ මෙම ප්‍රදර්ශනය සංවිධානය කළ පෞද්ගලික ආයතන වල ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.