අප මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ එන්න පැරණි නීති මත නොසිට,නව නීති ගොඩනගා ගත යුතුයි...
- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, ( 07) අරලිය ගහ මන්දිරයේ පැවැති සංකතන මණ්ඩපය අමතමිණි. මෙවර සංකතන මණ්ඩපය වෙන් වූයේ අදට යෙදුණු ලෝක කපු දිනය නිමිත්තෙනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා
“ලෝක කපු දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය සුවිශේෂී දිනයක් ලෙස ප්‍රකාශ කර තිබෙන්නේ ලෝකවාසීන්ට ප්‍රයෝජනවත් නිසයි. අපි මේ දිනය අර්ථාන්විත කිරීමට කැප විය යුතුයි.
බොහෝ දිස්ත්‍රික්කවල රජයට අයත් වගා නොකළ ඉඩම් අක්කර දහස් ගණනක් තිබෙනවා. මේ ඉඩම් කපු වගාව වැනි ප්‍රයෝජනවත් කර්තව්‍යයකට යොදාගතයුතුයි. ඒ සදහා අපගේ සහයෝගය ලබාදෙන්න සූදානම්.
අඛණ්ඩ ජාතික වැඩපිළිවෙලක් තුළින් කපු වගාව ව්‍යාප්ත කිරීම මගින් ග්‍රාමීය ජනයාගේ ආදායම් වැඩි කරමින්, රටේ විදේශ විනිමය ආරක්ෂා කළ හැකියි. ඒ සඳහා පෞද්ගලික අංශය දරන උත්සාහයන් අගය කරනවා. මෙවැනි වගාවක නිරත වෙන්න ගොවි ජනතාවටත්, ව්‍යාපාරික ජනතාවටත් විශ්වාසය අවශ්‍යයි. ඒ සදහා අපේ විශ්ව විද්‍යාල ඇතුළු අනෙකුත් පර්යේෂණ ආයතන එක්ව සහයෝගය දීම අවශ්‍ය වෙනවා. අතිරේක ආදායමක් ලෙස කුඩා ගෙවතුවල කපු වගාව කළ හැකි ක්‍රමවේදයක් සකසා ගන්න ඕනේ.
කෘෂිකර්මාන්තයෙන් අපට හිස එසවීමේ හැකියාව තියෙනවා කියන විශ්වාසයෙන් ජනපද බිහි කිරීම ආරම්භ කර වසර සියයකට ආසන්නයි. ඒ ජනපදවල සෑම ගොඩ ඉඩමකම තවත් වගාවක් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සදහා ජනතාව යොමු කිරීමට අවශ්‍යයි. ඒ සදහා අදාල ආයතන ගෙන්වා සාකච්ඡා කරන්න අපි සූදානම්.
සමහර ගොඩනැගිලිවල මෙරටට ගෙන්වූ යන්ත්‍ර සූත්‍ර තියෙනවා. සමහරක් අපේ රටට තෑගි කරපුවා. මේ සම්පත් විශ්ව විද්‍යාල වලට හෝ ව්‍යාපාරයකට දී ඉලක්ක සපුරා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබෙනවා. අපි මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ එන්න නම් එවැනි වෙනසකට භාජනය විය යුතුයි. ඒ සඳහා පැරණි නිති මත නොසිට නව නීති ගොඩනගා ගත යුතුයි.
එක්සත් ජනපදය, ඇමරිකාව ඉන්දියාව, චීනය, ඊජිප්තුව වැනි රටවල් අදටත් කපු නිශ්පාදනයේ යෙදී සිටිනවා. බීජ නිශ්පාදනය හා බීජ මගින් කළ හැකි විපුල ප්‍රයෝජන අපි ජනතාවට පහදා දිය යුතුය. විශ්වවිද්‍යාල මහජන ගම්මාන සමඟ වැඩකරන දොරටු විවර කර ගැනීම තුළින් අනාගතයේ විශ්ව විද්‍යාලයෙන් පිටවෙන දරුවන්ටත් ප්‍රයෝජනයක්. අපි ගෝස් කෑල්ලත් විදේශයෙන් ගෙන්වනවා.
ජීවන ජිවන දර්ශකය අඩුවෙලා. ඒත් බඩු මිල අඩු නැහැ. ගොවීන් අතිරික්ත නිෂ්පාදයක් කරලා තිබුණත් ජනතාවට තිබෙන මිලදි ගැනීමේ හැකියාව මතයි මිල තීරණය වෙන්නේ. ගොවියන්ට මිල පිළිබඳ විශ්වාසය අවශ්‍යයි. ඒ සදහා පෞද්ගලික අංශය හා රජය එකතාවයකින් මිල තීරණය කළ යුතුයි.”
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය
“පෞද්ගලික අංශයේ සහ ගොවීන්ගේ සක්‍රීය සහභාගීත්වය ඇතිව ශ්‍රී ලංකාවේ කපු කර්මාන්තය දියුණු කිරීමට රජය ගන්නා ප්‍රයත්නයන්ට සහාය ලබා දෙනවා. වසර 2500කට වැඩි ඉතිහාසයක් ඇති මෙම කර්මාන්තය ග්‍රාමීය ගොවි පවුල්වල ආර්ථිකය නැංවීම සඳහා යොදා ගත හැකිය. කපු රෙදි නිෂ්පාදනයට අමතරව කපු තෙල් සහ සත්ව ආහාර වැනි වටිනා නිෂ්පාදන ජනනය කරන කපු කර්මාන්තය ආශ්‍රීතව විවිධ කර්මාන්ත ඇරඹීමේ හැකියාව තියෙනවා.විශේෂයෙන් කපු වගාව තුළින් විලාසිතා ලොවට (Farm to Fashion) පිවිසිය හැකියි.
කුඩා ගොවිපළ හිමියන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු ග්‍රාමීය ජනතාව නගා සිටුවීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දරන නොපසුබස්නා උත්සාහය අගය කරනවා.”
මෙහිදී ප්‍රධාන දේශනය සිදුකළ ඉන්ජිනේරු බුද්ධික මාරසිංහ මහතා
මෙම වගාව මහා පරිමානයෙන් මෙන්ම ගෙවතු වගාවක් ලෙසත් ඇරඹීමේ හැකියාව තිබෙනවා. රජය සක්‍රීයව මැදිහත් විය යුතු විදේශ විනිමය ගෙනෙන ව්‍යාපෘතියක් වුවත් රජයේ සහයෝගය ප්‍රමාණවත් නැහැ. මෙම වගාව ව්‍යාප්ත කිරීමට පෞද්ගලික අංශය, ගොවියා මෙන්ම තරුණ ව්‍යවසායකයා දිරිමත් කිරීමට රජය ඉක්මන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි.
මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිතා අරඹෙපොල, අශෝක ප්‍රියන්ත, විජිත බේරුගොඩ, කාදර් මස්තාන්, පාර්ලිමේන්තුවරුන් වන මන්ත්‍රී ජගත් සමරවික්‍රම, යදාමිණී ගුණවර්ධන, අමාත්‍යංශ ලේකම්වරුන්, විශ්ව විද්‍යාල උප කුලපතිවරු, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන්, තරුණ ව්‍යවසායකයින්, ගොවි මහතුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.