නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ජනාවාස සතියක් ප්‍රකාශයට පත්කෙරේ

    ඔක්තෝබර් 02, 2023

    ලෝක ජනාවාස දිනය (02) නිමිත්තෙන් ජාතික සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය (දෙවැනි අදියර) 11 වැනි මහලේ පිහිටි ශ්‍රවණාගාරයේදී (02) දින පැවැත්වේ.

    1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස ප්‍රථම සඳු දින ලෝක ජනාවාස දිනය ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. 1985 වසරේ බටහිර ඉන්දියානු කොදෙව් දූපතක් වූ ජැමෙයිකානු රාජ්‍යයේ කිංස්ටන් නුවරට රැස්වූ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම, සිය වාර්ෂික සැසිවාරයේ දී වාර්ෂිකව ලෝක ජනාවාස දිනයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    එවකට එම සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා සිය ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙමින් ජගත් ජනාවාස දිනයක් පිළිබඳ අදහස ප්‍රථම වරට ජගත් මානව ජනාවාස සංවිධානය වෙත ඉදිරිපත් කරනු ලැබීය. එකී යෝජනාව තුළින් අපේක්ෂා කරනු ලැබූ, ජාත්‍යන්තර නිවාස වසර තුළින් ලොව සෑම ජන කොටසකගේම අවධානය නිවාස හා ජනාවාසකරණය වෙත යොමු කර ගැනීමයි.

    ඒ අනුව මෙවර ලෝක ජනාවාස දිනය (02) වන සඳු දිනට යෙදී ඇත. පසුගිය වසර 37 ක කාලය තුළ නිවාස හා ජනාවාස ක්ෂේත්‍රයට අදාළ විවිධ වූ තේමාවන් යටතේ ලෝක ජනාවාස දින සැමරුම සිදුකරනු ලැබීය.

    සෑම වර්ෂයකම විශේෂිත වූ තේමාවක් යටතේ ලෝක ජනාවාස දිනය සමරනු ලබන අතර මෙවර තේමාව වනුයේ “සුරක්ෂිත නාගරික ආර්ථිකයක්” යන්නයි. ලෝක ජනාවාස දිනය ලොව පුරා ක්‍රියාවට නංවන එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වන්නේ නාගරික සංවර්ධන හා නිවාස විෂයභාර අමාත්‍යාංශය යි.

    ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සුවිශේෂි වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් ජනාවාස සතියක් ප්‍රකාශයට පත්කර ඇත. එම සතිය තුළදී ප්‍රතිලාභීන් 500 දෙනෙකු සඳහා නිවාස හිමිකම් ඔප්පු ප්‍රධානය කිරීමට නියමිතය.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් මට්ටමින් නිවාස හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩ සටහනක්ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ක්‍රියාත්මක කර තිබේ. ඉදිරි වසරක කාලය තුළ මෙම හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල අවසන් කරන ලෙසද අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

    ඊට අමතරව ලෝක ජනාවාස දිනය නිමිත්තේ පාසල් දරු දැරියන්ගේ කලා කුසලතාවයන් ඔප් නැංවීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශන, නර්ථන තරඟවලින් ජයග්‍රහණය කළ සිසු දරු දැරියන්ට සහ කෙටි චිත්‍රපට උළෙලේ ජයග්‍රාහකයන්ටද සහතික පත් හා මුල්‍ය ත්‍යාග පිරිනැමීමද අග්‍රාමාත්‍යවරයා අතින් හෙට දින සිදු කිරීමට නියමිතය.

    ඊට අමතරව නාගරික ජනාවාස, ගෘහස්ථ ආර්ථික ඒකක බවට පත්කිරීමේ වැඩසටහන්ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය මෙවර ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක කරනු ලැබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya