වෙෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා ඔස්ට්‍රේලියානු මහා කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් මහතා අතර ද්වීපාර්ශවික වෙළෙඳ, ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් (26) අමාත්‍යාංශයේ දී පැවැත්විණ. එහි දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා අපනයන ගමනාන්තයක් වන අතර සංචාරක ක්ෂේත්‍රය, කෘෂිකාර්මික ක්ෂේත්‍රය, එළවළු හා මත්ස්‍ය වෙළෙඳාම ඇතුළු අපනයන ප්‍රචලිත කිරීම, පතල් කැණීම් ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි මෙන්ම පුනර්ජනනීය බලශක්ති යන ක්ෂේත්‍රයන් ආශ්‍රිතව දෙරට අතර සම්බන්ධතා පුළුල් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ශවය ඔස්ට්‍රේලියානු මහා කොමසාරිස්වරයා හමු වූ අවස්ථාවේ දී ඉල්ලීමක් ද කර තිබේ.
එමෙන්ම, ඉතා කෙටි කාලයක් තුළ දී පැවැති ආර්ථික අර්බුදයෙන් යළි පුනර්ජීවයට පත් වීමට ශ්‍රී ලංකාව සාර්ථකව කටයුතු කිරීම ඔස්ට්‍රේලියානු මහා කොමසාරිස්වරයා මෙහි දී අගය කරන ලදී. මේ වන විට ශ්‍රී ලංකාව තුළ අගය එකතු කළ අපනයන ඉහළ නංවා ගැනීමට වැඩි අවධානයක් යොමු කර ඇති බව වෙළෙඳ අමාත්‍යවරයා මෙහි දී සඳහන් කරන ලදී. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව යන රාජ්‍යයන් අතර මේ වන විට පවතින Trade and Investment Framework Arrangement (TIFA) වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන්ද මෙහි දී අවධානය යොමු විය.
මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු, වෙළෙඳ අමාත්‍යාංශ අතිරේක ලේකම් හා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ගිල්මා දහනායක, වාණිජ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ලක්මිණී මෙන්ඩිස් ඇතුළු වෙළෙඳ අමාත්‍යාංශ නිළධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.