නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය ත්‍රස්තවාදයට යටත් වීමට රජය සූදානම් නැහැ - විනයානුකුල ක්‍රමවත් ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා

    සැප්තැම්බර් 12, 2023

    වෘත්තීය සමිති ත්‍රස්තවාදයට විරුද්ධව යම් විනයානුකුල ක්‍රමවත් ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවය තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.


    දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින ව්‍යුහගත ගැටළු විසඳීමට නොහැකි නිසා එය ව්‍යවස්ථාපිත මණ්ඩලයක් ලෙස හෝ අධිකාරියක් ලෙස හෝ පරිවර්තනය කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමෙන් පසු එකී යෝජනාවට විශේෂඥ කමිටුවකින් අදහස් ලබා ගැනීමට මේ වන විට ඉදිරිපත් කර තිබේ.

    ඒ අනුව, එම යෝජනා කඩිනමින් ලබාගෙන වෘත්තීය සමිති ත්‍රස්තවාදයට විරුද්ධව විනයානුකුල ක්‍රමවත් ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවය තිබෙන බවත්, එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

    එමෙන්ම, ගැටළු ඇත්නම් එය නිරාකරණය කරගැනීමට, සාකච්ඡා කර විසඳා ගැනීමට අවස්ථාව තිබිය දී මෙලෙස දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් හිතුවක්කාරී හා අනීතික ලෙස දුම්රිය වැඩ වර්ජන සිදු කිරීමෙන් අහිංසක දරුවෙකුගේ ජිවිතයක් ද අද (12) නැති වූ අතර හෙට දිනයේ දී (13) අමාත්‍යවරයා හා අනිකුත් නිළධාරීන් සමඟ සාකච්ඡාවකට සහභාගී වීමට නිල වශයෙන් දැනුම් දී තිබිය දී ත් හිතුවක්කාර ලෙස වැඩවර්ජනයට සම්බන්ධ වූ නිළධාරීන් 84 දෙනා මෙම මරණයට වගකිවයුතු බවත් හෙතෙම මෙහි දී අවධාරණය කළේය.

    ඒ අනුව, ඔවුන් දුම්රිය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත්, එලෙස දුම්රිය ත්‍රස්තවාදයට යටත් වීමට රජය සුදානම් නැති බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

    එමෙන්ම, මේ සම්බන්ධව අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් පොලිස්පතිවරයාට දැනුම්දෙන බවත්, ඒ අනුව කවර පාර්ශවයක් මීට සම්බන්ධ වුවද ඔවුන්ට මේ සඳහා උපරිම ක්‍රියාමාර්ග ගත යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya