නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරනවා - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    සැප්තැම්බර් 12, 2023

    අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    ඊයේ (11) සිට ක්‍රියාත්මක දුම්රිය නියාමකවරුන් 84 දෙනකු දුම්රිය ධාවනයෙන් ඉවත්වී වැඩවර්ජනයක නිරත වීම හේතුවෙන් මඟීන් දැඩි අපහසුතාවයකට පත් වූ අතර අද දිනයේ දී දුම්රියේ වහලය මත නැඟී ගමන් කිරීම හේතුවෙන් ජිවිත හානියක්ද සිදුව තිබේ.

    ඒ අනුව මෙම තත්ත්වය හෙට දිනයේ දී නැවත ඇති නොවීමට හා දුම්රිය ගමනාගමන කටයුතු නිසි පරිදි සිදු වීමට අවශ්‍ය පරිදි මෙන්ම මඟී ජනතාව අසීරු කිරීමට ගන්නා උත්සාහයන් වළක්වමින් ගනු ලැබූ මෙම තීරණයට ජනාධිපතිවරයාගේ ද උපදෙසින් අනුව දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට කටයුතු කරන බව හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya