නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටාර් රාජ්‍යයේ රැකියා පෙන්වා ලක්ෂ 16ක් ගැරූ එප්පාවල වංචාකරු දැලේ

    සැප්තැම්බර් 12, 2023

     

    රැකියා ඇණවුමක් නොමැතිව ඩුබායි රැකියාවට මුදල් ගත් ඒජන්සි හිමිකාරිනියත් අත්අඩංගුවට...

    කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් රු.1,629,000.00 මුදලක් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.09.09 දින අත්අඩංගුවට ගෙන තිබේ.

    එප්පාවල ප්‍රදේශයේ පදිංචි මලිත් සඳරුවන් බණ්ඩාර නම් පුද්ගලයෙකු විසින් කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා තමන්ගෙන් රු.120,000.00 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිලි 6ක් ලැබුණු අතර, එම පැමිණිලි අනුව මෙම සැකකරුගේ නිවසේදී ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

    අත්අඩංගුවට ගත් සැකකරු වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා මුදල් අයකිරීමේ චෝදනාව මත අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇපයක් මත මුදාහරින ලදී. ඉදිරි නඩු විභාගය 2023.02.12 දින කැඳවීමට නියමිතයි.

    මේ අතර, ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව හෝ මුදල් යළි නොදුන් බවට කාර්යාංශය වෙත ලද පැමිණිල්ලකට අනුව අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින්  (2023.09.11) අත්අඩංගුවට ගන්නා ලදී.

    සැකකාරිය අනුරාධපුර ප්‍රදේශයේ ලක්ෂාන් විදේශ රැකියා ආයතනය නමින් කාර්යාංශයේ වලංගු විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ආයතනය මගින් ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා වලංගු රැකියා ඇණවුමක් ලබාගෙන නොතිබිණි.

    අත්අඩංගුවට ගත් සැකකාරිය  (2023.09.11) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2023.09.25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya