නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය – 2023” නොවැම්බර් 16 වන දා කොළඹ දී

    සැප්තැම්බර් 12, 2023

    ඩිජිටල් ආර්ථිකයක තීරණාත්මක කුලුනු තුනක් වන කෘත්‍රීම බුද්ධිය (AI), ස්මාර්ට් නගර සහ මූල්‍ය තාක්‍ෂණය (FinTech) කෙරෙහි අවධානය යොමු කෙරෙන “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023” නොවැම්බර් මස 16 වන දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

    පසුගිය දා (06) “API Asia Conference 2023” නිල වෙබ් අඩවිය දියත් කිරීම උදෙසා පැවති අවස්ථාවේ දී ඒ බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා විසින් ප්‍රකාශ කර තිබිණි.

    “ඩිජිටල් ආර්ථිකයකට උත්ප්‍රේරකයක් සැපයීම” යන තේමාව ඔස්සේ වෘත්තිකයන් 500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්මේලනය (FITIS) විසින් සංවිධානය කරනු ලබන අතර මෙම සම්මන්ත්‍රණය මෙරට දී පැවැත්වෙන දෙවන අවස්ථාව වේ.

    එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන “DIGIECON Sri Lanka 2023 – 2030” වැඩසටහනට සමගාමීව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීම විශේෂත්වයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya