නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම ලංකාවට ආර්ථිකමය ලෙස වැදගත්

    සැප්තැම්බර් 12, 2023

    බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම ලංකාවට ආර්ථිකමය ලෙස වැදගත් - ශ්‍රී ලංකා මහ බැංකුව, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පවසයි.

     බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම ඔස්සේ ලැබෙන ප්‍රතිලාභ ගැන සාකච්ජාවක් පවත්වා වාර් තාවක් ඉදිරිපත් කරන්න - කමිටු සභාපති වරයාගෙන් උපදෙස්
     විදේශ තානාපති කාර්යාලයන්හි සේවය සඳහා විදේශයන්හි සිටින මෙරට සිසුන් ස්වේච්ඡා සේවකයින් ලෙස බඳවා ගැනීම පිළිබඳ අවධානය

    ලෝක ජනගහනයෙන් 41% ක් ජීවත් වන්නේත්, ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 24% ක් සේම ලෝක වෙළද කටයුතුවලින් 16%ක් ක්‍රියාත්මක වන්නේ බ්‍රික්ස් රටවල් තුල බව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසීය.

    එමෙන්ම 2022 වසරේ මෙරට අපනයන වලින් 10.3% ක් සහ ආනයනයන්ගෙන් 47.3% ම සිදු කර ඇත්තේ බ්‍රික්ස් රටවල් වලින් බවත් මේ හේතූන් අනුව බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම ආර්ථිකමය ලෙස වැදගත් වන බව මහ බැංකු නිලධාරීන් තව දුරටත් සඳහන් කළහ.

    මේ පිළිබඳ කරුණු ඉදිරිපත්වුයේ බ්‍රික්ස් (බ්‍රසීලය,රුසියාව ,ඉන්දියාව ,චීනය, දකුණු අප්‍රිකාව) රටවල් සමග කටයුතු කිරීම ඔස්සේ මෙරටට ලබාගත හැකි සමාජ ,ආර්ථික ,දේශපාලන ප්‍රතිලාභ මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

    ඒ අනුව බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම ඔස්සේ සමාජ,ආර්ථික ,දේශපාලනමය වශයෙන් ලබාගත හැකි ප්‍රතිලාභ සම්බන්ධයෙන් විමසා බැලීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ මුලිකත්වයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය සමග විශේෂ සාකච්ජාවක් පවත්වා එහි වාර්ථාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසට කාරක සභා සභාපතිවරයා විසින් නිර්දේශ ඉදිරිපත් කළේය.

    එමෙන්ම විදේශ තානාපති කාර්යාලවල පවතින සේවක පුරප්පාඩු වෙනුවෙන් විදේශයන්හි ඉගෙනුම ලබන මෙරට සිසුන් ඇතුළු විදේශ සිසුන් , ස්වේච්ඡා සේවකයින් ලෙස බඳවා ගැනීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසද සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya