නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි අතර ප්‍රමුඛත්වය ගන්නවා- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති

    සැප්තැම්බර් 11, 2023

    ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි අතර ප්‍රමුඛත්වය ගන්නා බවත්, මෙරට කෝපි වගාව පුළුල් කිරීම සඳහාත්, අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් මෙරට කෝපි ජාත්‍යන්තර වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති Khaled Al Ameri මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවේදීය.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති මෙම සාකච්ඡාවේදී මෙරට කෘෂිකර්ම අංශය නවීකරණය හා පොහොර සම්පාදනය පිළිබඳ ඒ මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

    කෘෂි අංශ නවීතරණය හා මෙරට කෘෂි නිෂ්පාදන අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් අපනයනය ඉළක්ක කිරීමේ රජයේ වැඩ පිළිවෙල සම්බන්ධව අමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

    මෙරට පලතුරු හා එළවළු විශාල ප්‍රමාණයක් මේ වනවිට අපනයනය කරන බවත් විශේෂයෙන් මෙරට කෙසෙල් හා අඹ සඳහා විදේශ වෙළෙඳපොළේ ඉල්ලුමක් පවතින බවත් අමාත්‍යවරයා එහිදී තානපතිවරයා දැනුවත් කර ඇත.දැනට රාජාංගනය හා යාපනයේ වගා කරෙන ඇඹුල් කෙසෙල් ඩුබායි හා තවත් රටවල් කිහිපයකට අපනයනය කරන බවත් වෙනත් රටවලින් ද ලොකු ඉල්ලුමක් පවතින බැවින් තවත් කෙසෙල් වගා කළාප දෙකක් හම්බන්තොට, ඇඹිළිපිටිය හා සෙවණගල යන ප්‍රදේශ ආශ්‍රිතව ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    මෙහිදී අදහස් පළ කළ තානාපතිවරයා ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි විශේෂ අතරට එක් කළ හැකි බවත් අරාබි රටවල ශ්‍රී ලංකාවේ කෝපි ඉතාමත් ජනප්‍රිය බවත් පැවසීය. එසේම අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් මෙරට කෝපි විදේශ වෙළෙදපොලට හඳුන්වා දෙන්නේ නම් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බව ඒ මහතා පෙන්වා දී තිබේ.එසේම මෙරටට අවශ්‍ය යුරියා පොහොර හා අනෙකුත් පොහොර ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
    මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ඇතුලු පිරිසක් සහභාගි විය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya