නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු කොරියාවට ශ්‍රී ලාංකිකයින් පිටත් කිරීම සීඝ්‍රයෙන් ඉහළට

    සැප්තැම්බර් 11, 2023

    මේ වසරේදී ශ්‍රී ලාංකිකයින් 4556 දෙනෙකු දකුණු කොරියාව බලා පිටව යයි...

    2023 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගතවූ මාස 8ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 4,556 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් කර හැරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකිවී තිබේ.

    ඒ අතරට පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය රැකියාලාභීන් 3,565 දෙනෙකු හා නියමිත සේවා කාලය අවසන් කර යළි එම ස්ථානයටම රැකියාවට ගිය (Re-entry) රැකියාලාභීන් 991 දෙනෙකු අයත් වේ. ඉන් නිශ්පාදන ක්ෂේත්‍රයේ සඳහා 3,774 දෙනෙකුද, ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා 639 දෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සඳහා රැකියාලාභීන් 140 දෙනෙකු හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා තිදෙනෙකුද පිටව ගොස් තිබේ. මෙම පිරිස පිරිමි රැකියාලාභීන් 4462 දෙනෙකුගෙන් හා කාන්තා රැකියාලාභීන් 94 දෙනෙකුගෙන් සමන්විත වේ.
    ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ 170 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 470 දරණ ගුවන් යානයෙන් පසුගිය දා දකුණු කොරියාව බලා පිටත්ව ගියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya