මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල පද්ධතිය සම්පූර්ණ ප්‍රතිසංස්කරණ පද්ධතියකට යා යුතුයි- අධ්‍යාපන අමාත්‍ය

    ජූලි 08, 2023

    විශ්වවිද්‍යාල පද්ධතිය සම්පූර්ණ ප්‍රතිසංස්කරණ පද්ධතියකට යා යුතු බවත් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගනිමින් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ රජය ගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා (07) පාර්ලිමේන්තුවේදි පැවසීය.

     

    රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විදේශ රටවලට සංක්‍රමණය වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ විශ්ව විද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කරන අතරම, යටිතල පහසුකම්ද දියුණ කළ යුතු බවයි. විශ්ව විද්‍යාල පද්ධතියේ යටිතල පහසුකම් දියුණු කරන්නේ නැතිව විශ්ව විද්‍යාල වලට 10,000ක් එක්වර බඳවා ගැනීමට තීරණය කලා. එම නිසා

    ඇතැම් දේශන දෙවරක් පැවැත් වීමට සිදු වුණා. පසුගිය සමයේ රටේ පැවති ආර්ථික අර්බුදය නිසා මේ වන විට විශ්ව විද්‍යාල ආචාර්ය සහ මහාචාර්යවරුන් විශාල පිරිසක් විදෙස් ගත වී තිබෙනවා.

    රජයේ විශ්ව විද්‍යාල පද්ධතියේ පුරප්පාඩු 2022 ක් තිබෙනවා. කොන්ත්‍රාත් පදනම සේවය කරන ආචාර්යවරු දහසකට වැඩි පිරිසක් සිටිනවා. එම තනතුරු පිරවීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අවශ්‍ය සහාය ලබා දෙනවා.

    විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය පවත්වා ගැනීම සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ මෙරට රජයේ විශ්ව විද්‍යාලයන්හි දේශන වල හෝ උපාධිධාරින්ගේ ප්‍රමිතියේ අඩුවක් වී නොමැති බවයි.

     

    අපේ රටේ දේශන වල ප්‍රමිතියේ අඩුවක් හෝ උපාධිධාරින්ගේ අඩුවක් නැහැ. නමුත් යටිතල පහසුකම් තිබෙන ප්‍රමාණය, ආචාර්යවරු සහ ශිෂ්‍ය පද්ධතිය

    ප්‍රතිශතයේ අඩුවක් තිබෙනවා. විශ්ව විද්‍යාල වල ප්‍රමිතියට පවත්වාගෙන යාමට එම යටිතල පහසුකම් වැදගත්.ශිෂ්‍යයින්ගේ සහ ආචාර්යවරුන්ගේ අනුපාතය අපි පවත්වාගෙන යා යුතුයි. එම අනුපාතය නැත්නම් විශ්ව විද්‍යාල වල රෑන්කින් වලට ප්‍රශ්නයක් එනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya