මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස්පතිවරයකු පත් කිරීම ගැන ජනාධිපති විසින් තීරණයක් ප්‍රකාශයට පත් කරනු ඇත - මත්ද්‍රව්‍ය මර්දනයට රජයෙන් අඛණ්ඩ වැඩපිළිවෙලක්

    ජූලි 07, 2023

    පොලිස්පතිවරයකු  පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් තීරණයක් ප්‍රකාශයට පත් කරනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    නව පොලිස්පතිවරයකු පත් කිරීම ප්‍රමාද වීම් සම්බන්ධව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

    ව්‍යවස්ථාදායක සභාවේ මුලසුන දරන්නේ කතානායකතුමයි.මම එහි සාමාජිකයෙක්. එහි සාමාජිකයින් වගකීමේන් කටයුතු කර තිබෙනවා. හදිසි ඕනෑම අවස්ථාවකදී කතනායකතුමාට එහි ප්‍රධානියා ලෙස ව්‍යවස්ථාදයක සභාව කැදවීමට හැකියි. මීට පෙරත් එවැනි අවස්ථා සිදු වි තිබෙනවා.

    21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්න තිබූ කලබලය කොපමණද කියලා දන්නවා. අද වනවිට සමහර කොමිෂන් සභා පත් කිරීම සම්පූර්ණ වී නෑ. එය අතිශය බරපතල ප්‍රශ්නයක්. පොලිස්පතිතුමාට දී තිබෙන්නේ සේවා දිගුවක්. කාලය දැන් හමාර වී තිබෙන්නේ. ජනාධිපතිතුමා ඒ පිළිබඳව තීරණයක් ප්‍රකාශයට පත් කරයි.

    අපේ රජය මත්ද්‍රව්‍ය මර්දනයට අඛණ්ඩ වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. ඒ පිළිබඳව සුවිශේෂ ආරක්ෂක කමිටු රැස්වීම් ගණනාවක් පවත්වා තිබෙනවා. මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ගැන තොරතුරු හුවමාරු කරගනිමින් සිටිනවා. ආරක්ෂක අංශ් අවඩාත් ක්‍රියාත්මක වෙමින් තොරතුරු රැස්කිරීමට සිදුවෙනවා. ලෝකයේ දෙවැනි ලොකුම ජාවාරම මත්ද්‍රව්‍යයි. එය මෙල්ල් අකිරීමට ආරක්ෂක අංශ ත්දබල ක්‍රියාමාර්ග වෙත යොමු වී තිබෙනවා.   අධ්‍යාපන ආයතන කේන්ද්‍ර වී තිබෙන නගරවල මත්ද්‍රව්‍යය මැඩලීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සිදු කරනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya