මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ළමයින් සම්බන්ධව ඇති ගැටලු හඳුනාගෙන විසදුම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන්න - කෝපා කමිටුවේ සභාපති

    ජූලි 07, 2023

    ප්‍රාදේශීය මට්ටමේ, දිස්ත්‍රික්ක මට්ටමේ, පළාත් මට්ටමේ සහ ජාතික මට්ටමේ පවතින ළමයින් සම්බන්ධ ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසදුම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.

    රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා මෙම උපදෙස් ලබාදුන්නේ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් (04) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ පාසැල් නොපැමිණෙන ළමුන් පිළිබඳවද හදුනාගැනීමේ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම අවශ්‍ය වන බවයි. මේ නිසා කෙසේ හෝ මාසයකට වරක්
    හෝ මාස දෙකකට වරක් මෙම තොරතුරු පාසැල් මගින් ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

    මේ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය සමගද සම්බන්ධවී මේ පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්‍ය වන බව ඒ මහතා පැවසීය. එසේම පාසැල් නොපැමිණෙන ළමයින් සම්බන්ධයෙන් ඉක්මනින් සොයා බලා කටයුත් කිරීම වැදගත් වන බවද කෝපා කමිටු සභාපතිවරයා පෙන්වාදුන්නේය.

    තවද රුපියල් 2350000 ක පිරිවැයක් දරා එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමට අදාළව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව වෙත කාලීන හා නිවැරදි වාර්තා ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් 2018 වර්ෂයේදී මෙම දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති UNCRC දත්ත පද්ධතිය ප්‍රයෝජනයට නොගැනීම පිළිබදවද මෙහිදී අවධානය යොමු විය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් මෙම දත්ත පද්ධතියේ ප්‍රායෝගික ගැටලු කිහිපයක් පවතින බව පැවසීය. මේ අනුව මෙම දත්ත පද්ධතිය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.

    එසේම අණ පනත් යාවත්කාලීන කිරීම පිළිබඳවද කෝපා කමිටුව මෙහිදී පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසීම සිදු වූ අතර මේ පිළිබඳව දින වකවානු සහිත වාර්තාවක් අගෝස්තු මස 08 දින වන විට ලබාදීමට කෝපා කමිටුව උපදෙස් ලබාදුන්නේය.

    තවද මෙම දෙපාර්තමේන්තුව සතුව විගණන කමිටුවක් නොමැති බවත් මෙහිදී අනාවරණය විය. එබැවින් මෙම මස 25 වැනිදා වන විට එම කමිටුව ස්ථාපිත කොට එහි සංයුතිය පිළිබඳවද කෝපා කම්ටුව දැනුවත් කරන ලෙස කෝපා කමිටුවේ සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය.

    එසේම නීති නිලධාරී තනතුර පුරප්පාඩුව පැවතීම පිළිබඳවත් ඒ වෙනුවෙන් නිලධාරියෙකු පත් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.

    තවද ළමයින් සම්බන්ධ සිදුවීම් ජනමාධ්‍ය මගින් වාර්තා කිරීමේදී ළමා අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සහ ළමයාගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව ද, අන්තර්ජාලයෙන් දරුවන් අපයෝජනය වැලැක්වීමට ගන්නා පියවර පිළිබඳව සහ ළමයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීමට ප්‍රමාද වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya